Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශූරතාව දිනාගත් මහින්ද රාජපක්ෂ විදුහල් කණ්ඩායම සිංගර් සමාගමේ අළෙවි අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ මහතා සහ පාසල් කි‍්‍රකට් සංගමයේ ලේකම් දිල්ෂාන් ද සිල්වා මහතා ඇතුළ ආරාධිතයන් පිරිසක්ද මෙහි වෙති |
ශ්‍රී ලංකා පාසල් කි‍්‍රකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක‍්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ ශූරතාව දිනගැනීමට හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහල් කී‍්‍රඩකයෝ සමත් වූහ. කොළඹ බී. ආර්. සී.
කී‍්‍රඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී සේදවත්ත ශ‍්‍රී සිද්ධාර්ථ විදුහල ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ලකුණු 81 කින් පරාජය කරමින් ඔවුහු එම ශූරතාවට හිමිකම් කීහ.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 257 ක ඉලක්කයක් හඹාගිය සිද්ධාර්ථ විදුහල් පිලට වර්ෂාව නිසා තරගය නතර කරන විට කඩුලූ 7 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 128 ක් පමණි.
පළමුවෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් මහින්ද රාජපක්ෂ විදුහල වෙනුවෙන් පන්දු 70 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 85 ක් රැුස්කිරීමට උප නායක රශ්මික රවිහාර සමත් වූ අතර එහිදී ලකුණු 49 කට කඩුලූ 5 ක් බිඳ හෙළීමට සිද්ධාර්ථ විදුහලේ පිට දඟපන්දු යවන කී‍්‍රඩක ගයාන් ඒකනායක සමත් විය.
කාසියේ වාසිය දිනූ සිද්ධාර්ථ විදුහල් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා මහින්ද රාජපක්ෂ විදුහල් කණ්ඩායමට ආරාධනා කර සිටියේය.
මෙම තරගයේදී මහින්ද රාජපක්ෂ විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස අවිෂ්ක කෞෂල්‍ය ද, සිද්ධාර්ථ විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස චානුක කුමාරසිංහ ද කටයුතු කළහ.
අවසන් පූර්ව වටයේදී කල්මුනේ සහිරා විදුහල පරාජය කරමින් මහින්ද රාජපක්ෂ විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර සිද්ධාර්ථ විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ එහිදී ආනන්ද විදුහල් ‘සී’ කණ්ඩායම පරාජය කරමිනි.
මහින්ද රාජපක්ෂ විදුහල - ඕවර 49.4 කදී සියලූ දෙනා දැවී 256
(රශ්මික රවිහාර 85, ශෂේන් නදීර 37, ඔමවින් ඉන්දීප 29, දිල්ෂක හිමරුවන් 25, මොවින් දිලීප 24, ගයාන් ඒකනායක 49/5, රන්දික පෙරේරා 31/2)
සිද්ධාර්ථ විදුහල - ඕවර 38 කදී කඩුලූ 7 ක් දැවී 128
(චානුක කුමාර නොදැවී 43, සන්දේෂ් ජයතුංග 17)
අනු ශූරතාව හිමිකරගත් සිද්ධාර්ථ විදුහල් කණ්ඩායම
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.