Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news II වැනි කාණ්ඩයේ අවසන් මහ තරගය හෙට

II වැනි කාණ්ඩයේ අවසන් මහ තරගය හෙට

රොෂාන් ගුණරත්න - 2017 මාර් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල සහ කුරුණෑගල ශාන්ත ආනා විදුහල අතර පැවැත්වෙන වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ II වැනි කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය හෙට (31 වැනිදා) කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.


පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී මහනුවර ශාන්ත අන්තෝනි විදුහලද, අර්ධ අවසන් පූර්ව වටයේදී රත්ගම දේවපතිරාජ විදුහලද පරාජය කරමින් අවසන් පූර්ව වටයට පැමිණි ශ්‍රී දේවානන්ද විදුහල, එහිදී මාතර ශාන්ත තෝමස් විදුහල පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.


ශාන්ත ආනා විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේදී කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල පරාජය කරමිනි. පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී පාදුක්ක සිරි පියරතන විදුහලද, අර්ධ අවසන් පූර්ව වටයේදී පානදුර ශාන්ත ජෝන් විදුහලද පරාජය කිරීමට ආනා විදුහල සමත් විය.


අමිඳු උදාර මෙන්ඩිස් අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල් කණ්ඩායමේ නායකත්වය දරන අතර වනිත වන්නිනායක කුරුණෑගල ශාන්ත ආනා විදුහල විදුහල් කණ්ඩායමේ නායකත්වය දරයි.

 


ශාන්ත ආනා විදුහල් කණ්ඩායම -

වනිත වන්නිනායක (නායක), රන්දීර රණසිංහ (උප නායක), පුබුදු ගනේගම, තරින්ද විජේසිංහ, විමුක්ති බණ්ඩාර, පියුමාල් සිංහවංශ, ප්‍රමුදිත සේදර, අහමඞ් සෆ්නි, කවිඳු ඒකනායක, රුවන්ත රන්දික, සචිත ජයසේකර, භාෂිත ජයසුන්දර, කවිඳු රණසිංහ, විෂ්මාල් හේරත්, සුලක්ෂණ මදුසිත්, ධනංජය බණ්ඩාර, හිරුෂ ද සිල්වා, ලක්ෂිත ද සිල්වා, ක්‍රිෂාන්ත පියතිලක, දිනෙත් චන්දිමාල්, චානක එදිරිවීරගේ මහතා (පුහුණුකරු) සහ එන්. සී. දිසානායක මහතා (ක්‍රීඩා භාර අචාර්ය)

 

 

ශ්‍රී දේවානන්ද විදුහල් කණ්ඩායම -

අමිඳු උදාර මෙන්ඩිස් (නායක), සචිඳු උද්දීපන, චතුර මිලාන්, සජිල සංකල්ප, උෂාන් රන්දික, විකුම් උදාර, දසුන් ධනංජය, චරිත් රුක්ෂාන්, චරිත් චින්තක, කවිඳු ෂොහාන්, කවිඳු රාජපක්ෂ, හේෂාන් නිලක්ෂ, ශමිත් මධුෂාන්, ඉමේෂ් මධුෂංක, සුරාජ් සංජීව මහතා (පුහුණුකරු සහ ක්‍රීඩා භාර අචාර්ය) සහ සාගර ධනංජය මහතා (සහකාර පුහුණුකරු)

 


අදහස් (0)

II වැනි කාණ්ඩයේ අවසන් මහ තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.