Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් වයස 15 න් පහළ ෂෂ වැනි කොටසේ අවසන් මහා තරගයේදී මොරටුව වේල්ස් කුමර විද්‍යාලීය ‘බී’ කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගනිමින් වත්තල ශා. ජෝසප් විද්‍යාලීය කණ්ඩායම ශූරතාව දිනාගැනීමට අද (13 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඔ කැම්බල් ක්‍රීඩාංගණයේදි පැවැත්විණි.
ඊයේ දිනය නිමාවනවිට කිසිවකු නොදැවී ලකුණු 80 ක් රැස්කරගෙන සිටි වත්තල ශා. ජෝසප් විද්‍යාලීය පිතිකරුවෝ අද දිනය නිමාවනවිට කඩුලු හතක් දැවී ලකුණු 401 ක් රැස්කිරීමට සමත්වූහ.
නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකරමින් ඉසුරු පින්තු ශතකයක් (107) රැස්කළ අතර ඔහුට අනගි සහයක් ලබාදෙමින් ශෂික උමයංග නොදැවී ශතකයක් (113) රැස්කිරීමට සමත්වූයේය.
පසිඳු ජයලත් (52) සහ කවිෂ්ක සෙනිත් (51) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් වේල්ස් කුමර විද්‍යාලය පළමු ඉනිමේදී ලකුණු 112 කට සීමාකිරීමට වත්තල ශා. ජෝසප් විද්‍යාලයේ නායක තුන්ඉරියව් ක්‍රීඩක ඉසුරු පින්තු ඇතුළු පන්දු යවන්නෝ සමත්වූහ.
වේල්ස් කුමර විද්‍යාලීය ‘බී’ කණ්ඩායම - පළමු ඉනිම - ඕවර 48.5 කදී සියලුදෙනා දැවී ලකුණු 112
(ශවීන් කෝසල 28, අකලංක පීරීස් 22, ඉසුරු පින්තු 32/5, ශෂික උමයංග 11/2, ඩලස් ගුණසේකර 25/2)
ශා. ජෝසප් විද්‍යාලීය කණ්ඩායම - පළමු ඉනිම - ඕවර 90 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 401
(ඉසුරු පින්තු 107, ශෂික උමයංග නොදැවී 113, පසිඳු ජයලත් 52, කවිෂ්ක සෙනිත් 51, අකලංක පීරීස් 49/2, යොහාන් කාරියවසම් 90/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.