Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news II වැනි කොටසේ අවසන් තරගය 12-13

II වැනි කොටසේ අවසන් තරගය 12-13

සංජය එරමුදුගොඩ - 2016 සැප් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් වයස 15 න් පහළ II වැනි කොටසේ අවසන් මහා තරගය වත්තල ශා. ජෝසප් විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලීය ‘බී’ කණ්ඩායම් අතර හෙට සහ අනිද්දා (12 සහ 13) කොළඔ කැම්බල් පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

වත්තල ශා. ජෝසප් විද්‍යාලීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ඉසුරු උදානට හිමිවී තිබෙන අතර මොරටුව වේල්ස් කුමර විද්‍යාලීය ‘බී’ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම යොහාන් කාරියවසම්ට හිමිවී තිබේ.

අර්ධ අවසන් පූර්ව තරගවලදී තර්ස්ටන් විද්‍යාලීය ‘බී’ කණ්ඩායම ඉනිමකින් සහ ලකුණු 24 කින් පරාජය කරමින් වත්තල ශා. ජෝසප් විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුම් ලබාගත් අතර අවසන් පූර්ව තරගයේදී කොළඹ ශා. ජෝසප් විද්‍යාලය කඩුලු තුනකින් පරාජය කරමින් වත්තල ශා. ජෝසප් විද්‍යාලය අවසන් මහ තරගයට සුදසුකම් ලබාගත්තේය.

හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය පළමු ඉනිමේදී පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් මොරටුව වේල්ස් කුමර විද්‍යාලීය ‘බී’ කණ්ඩායම කැළණිය විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් අත්කරගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත්විය


ඉසුරු උදාන (නායක)
වත්තල ශා. ජෝසප් විද්‍යාලය


යොහාන් කාරියවසම් (නායක)
මොරටුව වේල්ස් කුමර විද්‍යාලය

 

වත්තල ශා. ජෝසප් විද්‍යාලය
ඉසුරු උදාන (නායක), සසිත් පෙරේරා, චමිදු පෙරේරා, මෙත්මල් රජිත, ඩලස් ගුණසේකර, විකුම් රාමනායක, ශශික උමයංග, පසිඳු ජයත්, පසිඳු මුණසිංහ, ෂෙනෙත් සිල්වා, චමෝද් ප්‍රෙමින්දික, ආලෝක මදුශාන්, ශෙනාල් අයේශ්, රිශිත පෙරේරා, අජන්ත ගමගේ (ප්‍රධාන පුහුණුකරු), වසන්ත වර්ණපුර (සහය පුහුණුකරු), කුසල් චතුරංග (සහය පුහුණුකරු), සුජීව අමරතුංග (කණ්ඩායම් භාර ආචාර්ය) සහ ප්‍රධාන දේවගැති ගාමිණී ඩයස් පියතුමා.

මොරටුව වේල්ස් කුමර විද්‍යාලීය ‘බී’ කණ්ඩායම
යොහාන් කාරියවසම් (නායක), අශාන් කාලින්ද, අවිෂ්ක ප්‍රනාන්දු, අනූප හේශාන්, සුයාම ගුණරත්න, අකලංක පීරීස්, තරූෂ ප්‍රනාන්දු, සචින් කවීශාන්, මනීෂ පවන්, වෙනුර සචින්ත, එස්. ධර්මරත්න, ශවීන් කෝසල, සචික සම්පත්, මහේෂාන් දිනුක, දීප්ත චාරුක, ශෙහාන් පීරීස්, කල්ප ප්‍රනාන්දු (සහය පුහුණුකරු), කුෂාන් ජයවික්‍රම (ප්‍රධාන පුහුණුකරු), ශාන්ත රොඞ්රිගු (කණ්ඩායම් භාර ආචාර්ය්‍ය), ජේ.ඩබ්ලිව්.එස්. සිරිවර්ධන මහතා (විදුහල්පති)


අදහස් (0)

II වැනි කොටසේ අවසන් තරගය 12-13

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.