කොළඹ ආනන්ද විදුහල සහ නාලන්දා විදුහල අතර එස්.එස්.සී. ක්රීඩාංගණයෙදී පැවැති 86 වැනි ‘සුලෝහිත සංග්රාමය’ වාර්ෂික මහ ක්රිකට් තරගය විසඳුමකින් තොරව අවසන් විය.
තරගයේ දෙවැනි සහ අවසන් දිනය වූ අද (08) පස්වරුවේ තරගය අවසන් වන විට ආනන්ද විදුහල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 268 ක් රැස්කර සිටියේය.
දෙවැනි ඉනිමේදී නිසල් ෆ්රැන්සිස්කෝ පන්දු 112 කදී හතරේ පහර 17 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 112 ක් රැස් කිරීමට සමත් විය.
ආනන්ද විදුහල් පළමු ඉනිමේදී නායක සමූ අෂාන් පන්දු 120 කදී හතරේ පහර 17 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 114 ක් රැස් කිරීමට සමත් විය.
ආනන්ද විදුහල පළමු ඉනිම කඩුලූ 9 ට 245
(නිසල් ෆ්රැන්සිස්කෝ 53, සමූ අෂාන් 114, නිපුන් චාමික 24, අයන්ත ද සිල්වා 32/5, මලික් පීරිස් 34/2)
නාලන්දා විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 239
(සෙනුර පෙරේරා 23, රවීන් දසනායක 53, මාලිංග අමරසිංහ 29, කවිදු බණ්ඩාර
50, ඩිලාන් සුරවීර 24, කවිෂ්ක අංජුල 88/4, ඩිලංක සඳකැන් 45/4)
ආනන්ද විදුහල දෙවැනි ඉනිම කඩුලූ 4 ට 268
(ලක්කන ජයසේකර 30, සෙනාල් කෝරළේ 32, නිසල් ෆ්රැන්සිස්කෝ 112, සමූ අෂාන් 78)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.