කොළඹ ශාන්ත ජෝශප් විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර කොළඹ පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී පැවැති ‘ශාන්තුවරයන්ගේ සංග‍්‍රාමය’ 81 වැනි වාර්ෂික මහ ක‍්‍රිකට් තරගය විසඳුමකින් තොරව අවසන් විය.
තරගයේ දෙවැනි සහ අවසන් දිනය වූ අද (07) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ජයග‍්‍රහණය සඳහා ලකුණු 193 ක ඉලක්කය හඹාගිය ශාන්ත පීතර විදුහල දෙවැනි ඉනිම වෙනුවෙන් ඕවර 26 කදී කඩුලූ 7 ක් දැවී ලකුණු 110 ක් රැස්කර සිටියේය.
ශාන්ත ජෝශප් විදුහල් දෙවැනි ඉනිමේදී විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ සදරුවන් රොද්‍රිගු පන්දු 186 කදී හතරේ පහර 14 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 118 ක් රැස්කරමින් ගිලිහීමට ගිය තරගය රැක ගැනීමට සමත් විය.
සචින් දල්පදාදු පන්දු 109 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 114 ක් රැස්කරමින් ශාන්ත පීතර විදුහල් පළමු ඉනිම ලකුණු 268 ක් දක්වා රැගෙන ඒමට සමත් විය.
තනීෂ වීරකෝන් මෙහිදී ශාන්ත පීතර විදුහල වෙනුවෙන් ලකුණු 149 කට කඩුලූ 8 ක් දවා ගනිමින් අනගා ලකුණු 57 ක් ද රැස්කරමින් තුන් ඉරියව් දස්කම් දැක්වීමට සමත් විය.
ශාන්ත ජෝශප් විදුහල පළමු ඉනිම ඕවර 59.5 කදී සියලූ දෙනා දැවී 167
(සදරුවන් රොද්‍රිගු 38, නිපුන් සුමනසිරි 21, මල්ෂාන් රොද්‍රිගු නොදැවී 22, මනිල්ක ද සිල්වා 33/3, තනීෂ වීරකෝන් 49/4)
ශාන්ත පීතර විදුහල පළමු ඉනිම ඕවර 54.1 කදී සියලූ දෙනා දැවී 268
(සචින් දල්පදාදු 114, තනීෂ වීරකෝන් 57, අරවින්ද අකුරුගොඩ 47/4, රුචිර ඒකනායක 99/4)
ශාන්ත ජෝශප් විදුහල දෙවැනි ඉනිම ඕවර 81.2 කදී කඩුලූ 8 ට 293
(සදරුවන් රොද්‍රිගු 118, පැතුම් මධුසංඛ 36, විමුක්ති පීරිස් 34, අරවින්ද අකුරුගොඩ 34, තනීෂ වීරකෝන් 100/4, අෂන්ත මල්ක 50/2)
ශාන්ත පීතර විදුහල දෙවැනි ඉනිම ඕවර 26 කදී කඩුලූ 7 ට 110
(දිනිත් තිමෝද්‍ය 55, හසින්ද්‍ර පෙරේරා 47/6)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.