Last Update  :  2026-05-08 09:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 66 වන මැංගුස් සටන අද සහ හෙට මොරටුවේදී

66 වන මැංගුස් සටන අද සහ හෙට මොරටුවේදී

editorial - 2026 මැයි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(පානදුර සුමිත් පොතුපිටිය)

කළුතර විද්‍යාලය සහ කළුතර තිස්ස  ජාතික පාසල අතර පැවැත්වීමට නියමිත 66 වන මැංගුස් සටන අද සහ හෙට (8 සහ 9) මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. මෙතෙක් පැවති තරග අතුරින් තරග 12 ක් කළුතර විද්‍යාලය ජයගෙන ඇති අතර , තරග 6 ක් තිස්ස ජාතික පාසල විසින් ජයගනු ලැබ තිබේ.

මෙවර මහ තරගයේදී ශීර්ෂ තාරක කළුතර විද්‍යාල කණ්ඩායමේ  නායකත්වය දරයි. කළුතර විද්‍යාලයේ  පුහුණුකරු ලෙස රුවන් ජයලත්ගේ කටයුතු කරයි. තිස්ස විද්‍යාල කණ්ඩායම මලිඳු දිල්ෂාන් විසින් මෙහෙයවනු ලබන අතර   පුහුණුකරු ලෙස නලින් වික්‍රමසිංහ මහතා කටයුතු කරයි.

විද්‍යාල දෙක අතර 17 වැනි වරටත් පැවැත්වෙන සීමිත ඕවර ක්‍රිකට් තරගය මැයි 17 වැනිදා මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.

 

කළුතර විද්‍යාලය   

 

කළුතර තිස්ස  ජාතික පාසල


අදහස් (0)

66 වන මැංගුස් සටන අද සහ හෙට මොරටුවේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.