Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 25 ක රග්බි සංචිතයක් ජපන් යයි

25 ක රග්බි සංචිතයක් ජපන් යයි

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 07 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ආසියාවේ රග්බි කී‍්‍රඩා කරන ප‍්‍රධානතම රටවල් පහ අතර රග්බි තරගාවලියේ (2014) ජපානයට එරෙහිව මේ මස 10 වැනිදා ටෝකියෝහිදී පැවැත්වෙන තරගයට සහභාගි වීම සඳහා අද (07) පස්වරුවේ පිටත්ව ගිය ශ්‍රී ලංකා පිලට අතිරේක ක‍්‍රීඩකයන් දෙදෙනකු සමග 25 දෙනකු ඇතුළත්ව ඇති බව වාර්තා වේ.

මෙම තරගාවලියට සහභාගි වන සංචිතයට ඇතුළත් වන ක‍්‍රීඩකයන් සංඛ්‍යාව 23 ක් වේ. ශ්‍රී ලංකාවේදී පසුගිය සතියේ හොං කොං පිලට එරෙහිව පැවැති තරගයේදී සංචිතයේ ස්ථානය අහිමි වූ ක‍්‍රීඩකයන් කීප දෙනකු නැවතත් සංචිතයට කැඳවා ඇති බව ද දැනගන්නට තිබේ.

තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා සංචිතය අද පස්වරුව දක්වාත් නිල වශයෙන් ප‍්‍රකාශයට පත්කර නොතිබුණු අතර මෙම සංචිතයට ක‍්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතිය ද ලැබී නොතිබුණු බවත් වාර්තා වේ.

 

- 048

 


අදහස් (1)

25 ක රග්බි සංචිතයක් ජපන් යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.