Last Update  :  2024-05-10 23:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 20න් පහළ පාපන්දු පුහුණුකරු දේවනායගම්

20න් පහළ පාපන්දු පුහුණුකරු දේවනායගම්

editorial - 2022 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා වයස 20න් පහළ ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස රාජමානී දේවනායගම් මහතා නිර්දේශ කර තිබේ. මෙතෙක් ඔහු ජාතික පාපන්දු කණ්ඩායමේ සහය පුහුණුකරුවකු ලෙස කටයුතු කළේය.

නව පත්වීම් ලබාගත් දේවනායගම් මහතාට ආසන්නතම ප්‍රධාන රාජකාරි දෙකක් පැවරී තිබේ.
මෙම ජූලි 25 වැනිදා සිට අගෝස්තු 5 වැනිදා දක්වා ඉන්දියාවේ ‘‘බහුබනේස්වර්’’ හිදී පැවැත්වෙන සාෆ් (වයස 20න් පහළ – පිරිමි) ශූරතා පාපන්දු තරගාවලිය හා ලබන සැප්තැම්බර 14 සිට 18 වැනිදා දක්වා මොන්ගෝලියාවේදී පැවැත්වෙන ආසියානු සමුළු වයස 20 න් පහළ – පිරිමි නිර්දේශ තුන්කොන් තරග වටයට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම් සූදානම් කිරීමයි.

ඒ සඳහා වන වයස 20 න් පහළ ජාතික පාපන්දු සංචිතයේ තේරීම් පසුගිය දින හයක් පුරා ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ වයස 20න් පහළ ජාතික පාපන්දු සංචිතයේ පුහුණු කාර්යමණ්ඩලයේ සහභාගීත්වයෙන් සිදු කෙරුණි.

දේවනායගම් මහතා ආසියානු සමුළු ‘‘බී’’ ශ්‍රේණියේ පුහුණුකරු බලපත්‍රලාභියෙකි. ජාතික පාපන්දු සංචිතයේ සහය පුහුණුකරුවකු ලෙස වසර කීපයකම කටයුතු කර ඇති ඔහු පැවැති (2022) සුපර් ලීග් පාපන්දු ශූරතා තරගාවලියේ ශූරතාව දිනාගත් කළුතර සුපර් ලීග් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙසත් කටයුතු කළේය.

වයස 20 න් පහළ ජාතික පාපන්දු සංචිතයේ පුහුණු කාර්යමණ්ඩලය පත් කිරීමේදී ගෝල් රකින්නන්ගේ පුහුණුකරු ලෙස සමන් දයාවංශ මහතාත්, සහය පුහුණුකරුවෙකු ලෙස ඔගස්ටින් ජෝර්ජ් මහතාත් නිර්දේශ කර තිබේ.

ජෝර්ජ් මහතා ‘‘ජාවාලේන්’’ ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස මීට පෙර කටයුතු කර තිබේ. දැල් රකින්නන්ගේ පුහුණුකරුවෙකු ලෙස වෘත්තීය අත්දැකීම් රැසකින් හෙබි සමන් දයාවංශ මහතා මීට පෙර ශ්‍රී ලංකා ජාතික කාන්තා පාපන්දු කණ්ඩායමේ මෙන්ම ශ්‍රී ලංකා ජාතික කනිෂ්ඨ පාපන්දු කණ්ඩායම් කිහිපයක් දැල් රකින්නන්ගේ පුහුණුකරු ලෙස රාජකාරි කර තිබේ.

 


අදහස් (0)

20න් පහළ පාපන්දු පුහුණුකරු දේවනායගම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.