Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 2019 ලෝක කුසලානයට කණ්ඩායම් සීමා කරයි

2019 ලෝක කුසලානයට කණ්ඩායම් සීමා කරයි

දිලිනි මල්රුක්ෂි - 2015 මාර් මස 05 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

එංගලන්තය හා වේල්සය කේන්ද්‍ර කරගනින් 2019 පැවත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලිය කණ්ඩායම් 10 කට සීමා කිරීමට අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලය ගත් තීරණය පසුගාමී තීරණයක් බව හිටපු ක‍්‍රීඩක 2015 එක්දින ලෝක කුසලාන තරගාවලියේ කීර්තිනාම තානාපත්වරයෙක් වන සචින් තෙන්ඩුල්කාර් සඳහන් කර ඇත.

ඔසේම අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය අහිමි රටවල් සඳහා එය අසාධාරණ බවද ඔහු පෙන්වා දෙයි. සිඞ්නි හිදී ඔහු මේ බව සඳහන් කර ඇති අතර ක‍්‍රික්ඉන්ෆෝ පුවත් සේවය  ඊයේ මේ  බව වාර්තා කරමින් පැවසුවේ 2019 ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම් 25 ක් එක්වනු දැකීම තම අරමුණ බව සචින්  සඳහන් කළ බවයි. මේ වන විට කි‍්‍රයාත්මක වෙමින් පවතින ලෝක කුසලාන තරගාවලිය සඳහා රටවල් 14 ක් එක්ව තිබෙන නමුත් මීළඟ ලෝක කුසලාන තරගවලියේදී එය කණ්ඩායම් 10 දක්වා සීමා වනු ඇත.

සත්කාරක රට වශයෙන් එංගලන්තයත් ඒ වන විට කි‍්‍රකට් පිටියේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් හත හා 2018 වසරේ බංග්ලාදේශයේ පැවැත්වෙන ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ඉදිරියට එන කණ්ඩායම් සෙක්ත් තරගාවලිය සඳහා සුදුසුකමම් ලබයි.

ඒ අනුව මෙවර තරගාවලියට එක්ව සිටින රටවල් අතර බංග්ලාදේශය, අයර්ලන්තය, සිම්බාබ්වේ, ඇෆ්ගනිස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ස්කොට්ලන්තය යන රටවල් අතරින් කණ්ඩායම් 02ක් පමණක් 2019 ලෝක කුසලානයට ක‍්‍රීඩා කරනු ඇත. (එක් කණ්ඩායමක්වත් එම කාලසීමාවේදී  මුල් ස්ථාව 08 ට පැමිණියහොත් තත්ත්වය වෙනස් වෙයි.  එසේ වුවත් එවැනි තත්ත්වයක් ඇතිවීමට ඇති ඉඩ ඉතාමත්ම අවමය.)

"ඊළඟ ලෝක කුසලාන කණ්ඩායම් 10 කට සීමා කිරීම ගැන මම කණගාටු වෙනවා. ක‍්‍රිකට් කී‍්‍රඩකයෙක් හැටියට ක‍්‍රීඩාව ගෝලීයකරණය වෙනවා දකින්න මම ආසයි. මට නම් මේක පසුගාමී පියවරක්. ” යැයි සචින් සඳහන් කළේය.

2019 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන සඳහා ශ්‍රී ලංකාව, ඔස්ටේ‍්‍රලියාව, දකුණු අප‍්‍රිකාව, ඉනදියාව, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්තය යන  කණ්ඩායම් අනිවාර්යයෙන්ම තරග ඛරනු ඇති නමුත් තවත් දක්ෂ කණ්ඩායම් සඳහා ස්ථාන අහිමිවනු ඇතැයි සච්න් පෙන්වා දෙයි.

අයි. සී. සී. යේ තීරණය සඳහා බොහෝ පාර්ශව අප‍්‍රසාදය ප‍්‍රකාශ කර ඇති අතර හොංකොං ක‍්‍රිකට් ආයතනයද ඒ අතර වෙයි. ඔවුන් පවසන්නේ අවම වශයෙන් කණ්ඩායම් 16 කටවත් ලෝක කුසලානයේ ඉඩ වෙන්විය යුතු බවයි. අයි. සී. සී. තීරණයට එරෙහිව අන්තර්ජාල පෙත්සමක්ද අත්සන් කෙරෙන අතර ඒ සඳහා 15,000 කට අධික පිරිසක් මේ වන විටත් ප‍්‍රතිචාර දක්වා ඇති බව කි‍්‍රක්ඉන්ෆෝ වෙබ් අඩවිය සඳහන් කරයි.


අදහස් (3)

2019 ලෝක කුසලානයට කණ්ඩායම් සීමා කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.