Last Update  :  2025-10-15 17:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 2-1 ක පරාජයෙන් අපේක්ෂා බිද වැටෙයි

2-1 ක පරාජයෙන් අපේක්ෂා බිද වැටෙයි

editorial - 2025 ඔක් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

තුර්ක්මෙනිස්ථානය විසින් ශ්‍රී ලංකාව ගෝල 2 - 1 කට ඊයේ (14) අර්කාඩැග් නුවරදී මුණ ගැසුණු දෙවැනි තරගයෙන් පරාජයට පත් කිරීමත් සමග ආසියානු කුසලාන (2027) නිර්දේශ තෙවැනි වටයේ ඩී කාණ්ඩයේ තෙවැනි ස්ථානයේම රැදී සිටීමට ශ්‍රී ලංකාවට සිදුව තිබේ.

දෙරට අතර ඊයේ තරගය සත්කාරක තුර්ක්මෙනිස්ථානය විසින් ජය ගැනීමත් සමග ඩී කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු නවයක් ලබා යළි එහි පෙරමුණට පැමිණිමටත් ඊයේ ශ්‍රී ලංකාව පරාජය කිරීමෙන් තුර්ක්මෙනිස්ථානය සමත් විය.

එසේ වූයේ පසු ගිය බ්‍රහස්පතින්දා (9) කොළඹදී දෙරට මුණ ගැසුණු මෙම තරග වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව ගෝල 1 - 0 කට ජය ගෙන තිබියදීය.ඒ හේතුවෙන් එතෙක් ඩී කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටි තුර්ක්මෙනිස්ථානය එහි දෙවැනි ස්ථානයට ඇද වැටුණි.

කෙසේවූවත් ඊයේ තරගයේ සියලු ගෞරව සත්කාරකයන් හිමි කර ගත් අතර ශ්‍රී ලංකාවට හිමිවූ ගෝලය ඔවුන්ගේ දක්ෂතා මත ලබා ගත්තක් නොවන අතර එය වැරදීමකින් තුර්ක්මෙනිස්ථාන ක්‍රීඩකයකු විසින්ම සිය දැල තුළට පන්දුව යොමු කිරීමෙන් තරගයේ 65 වැනි විනාඩියේදී වාර්තා වූ ඔන් ගෝලයක් ලෙස වාර්තාවූවකි.

තරගයේ මුල් භාගය දෙපිලම නිලකුණු තත්වයක් මැද අවසන් කිරීමට සමත් වූවත් දෙවැනි භාගය ක්‍රියාත්මකවීමත් සමග 52 හා 58 යන විනාඩි වලදී තුර්ක්මෙනිස්ථානය ජයග්‍රාහි ගෝල දෙක වාර්තා කර සිටියේය.

  ඊයේ තරග පරාජයත් සමග ඩී කාන්ඩයේ ශ්‍රී ලංකාව අත් කර ගත් ගත් පරාජයත් සමග එහි වැඩිම ප්‍රසාද ලකුණුලාභීයා වෙමින් 2027 - රියාද්  ආසියානු කුසලාන පාපන්දු අවසන් වටයේ 24 දෙනා අතරට පැමිණීමට තිබූ අවම අවස්‍ථාව කෙරෙහිද අපේක්ෂා අත් හැර ගැනීමට ඔවුන්ට සිදු විය.

තරග වටයේ මීළග තරගය නොවැම්බර් 18 වැනිදා තායිලන්තයට එරෙහිව කොළඹදී පැවැත්වේ.ආසියානු කුසලාන නිර්දේශ තෙවැනි තරග වටයේදී ප්‍රතිවාදීන් එකි නෙකා දෙවතාවක් බැගින් මුණ ගැසේ. ඒ අනුව දෙරට අතර බැංකොක් නුවරදී පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකාව ගෝල 1 - 0 ක පරාජයක් ලැබීය.  තායිලන්තය මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ තරග හතරකින් තුනක් ජයගෙන තුර්ක්මෙනිස්ථානය හා ප්‍රසාද ලකුණු නවයක් ලබා දෙවැනි ස්ථානයේ පසු වේ.ශ්‍රී ලංකාවට මේ වන විට ඩී කාණ්ඩයේ හිමි ප්‍රසාද ලකුණු ගණන හයකි.


අදහස් (0)

2-1 ක පරාජයෙන් අපේක්ෂා බිද වැටෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.