Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 19 න් පහළ ක‍්‍රිකට් නායකයා කුසල්

19 න් පහළ ක‍්‍රිකට් නායකයා කුසල්

දිලිනි මල්රුක්ෂි - 2013 නොවැ මස 26 {{hitsCtrl.values.hits}} Views 5 Comment
A A A

දෙසැම්බර් මස 28 වැනිදා සිට ජනවාරි මස 5 වැනිදා දක්වා ඩුබායිහිදී පැවැත්වෙන ආසියානු කුසලාන වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලේ නායකත්වයට මොරටුව වේල්ස් කුමර විදුහලේ කුසල් මෙන්ඩිස් නම් කර තිබේ. කොළඹ ශාන්ත ජෝශප් විදුහලේ සදීර සමරවික‍්‍රම උප නායකත්වයට පත් කර තිබේ.   

මෙම කණ්ඩායමට කොළඹ ශාන්ත ජෝශප් සහ කැලණිය ගුරුකුල යන විදුහල්වල ක‍්‍රීඩකයෝ දෙදෙනකු බැගින් ඇතුළත්ව සිටිති. උප නායක සදීර සමරවික‍්‍රම සහ ප‍්‍රියමාල් පෙරේරා, ශාන්ත ජෝශප් විදුහලේ ක‍්‍රීඩකයන් වන අතර හෂාන් දුමිඳු සහ රොෂාන් අනුරුද්ධ, කැලණිය ගුරුකුල විදුහල නියෝජනය කරති.  

ශ්‍රී ලංකා වයස 19 න් පහළ සංචිතය:
කුසල් මෙන්ඩිස් (නායක - මොරටුව වේල්ස් කුමර විදුහල), සදීර සමරවික‍්‍රම (උප නායක - කොළඹ ශාන්ත ජෝශප් විදුහල), හෂාන් දුමිඳු සහ රොෂාන් අනුරුද්ධ (කැලණිය ගුරුකුල විදුහල), කවිඳු කුලසේකර (තර්ස්ටන් විදුහල), සහන් ආරච්චිගේ (කොළඹ ආනන්ද විදුහල), ප‍්‍රියමාල් පෙරේරා (කොළඹ ශාන්ත ජෝශප් විදුහල), තිලක්‍ෂ සුමනසිරි (ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල), මිනෝද් භානුක (කුරුණෑගල මලියදේව විදුහල), බිනුර ප‍්‍රනාන්දු (කොළඹ ඞී. එස්. සේනානායක විදුහල), අනුක් ප‍්‍රනාන්දු (මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල), චාමික කරුණාරත්න (කොළඹ රාජකීය විදුහල), රමේෂ් මෙන්ඩිස් (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල), ලක්‍ෂාන් ජයසිංහ (මහනුවර ත‍්‍රිත්ව විදුහල) සහ ඒ. කේ. ටිරෝන් (ගාල්ල රිඞ්මන්ඞ් විදුහල)

අතිරේක ක‍්‍රීඩකයෝ:
චරිත් රාජපක්‍ෂ (කොළඹ කේරී විදුහල), සවීන් නානායක්කාර (ගාල්ල රිච්මන්ඞ් විදුහල), හෂේන් රාමනායක (කොළඹ රාජකීය විදුහල), ජනිත් ලියනගේ (බම්බලපිටිය ශාන්ත පීතර විදුහල) සහ ඉර්ෂාඞ් උමර් (කොළඹ සහිරා විදුහල)


අදහස් (5)

19 න් පහළ ක‍්‍රිකට් නායකයා කුසල්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.