Last Update  :  2025-12-24 17:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 19 න් පහළ නායකයා කමිඳු

19 න් පහළ නායකයා කමිඳු

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නොවැම්බර් මස 9 වැනිදා සිට 20 වැනිදා දක්වා මැලේසියාවේදී පැවැත්වීමට නියමිත වයස 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය ගාල්ල රිච්මන්ඞ් විදුහලේ කමිඳු මෙන්ඩිස්ට හිමිව තිබේ.

ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයන් 15 දෙනෙක් ඇතුළත්ව සිටින අතර එහි උප නායකයා ලෙස කොළඹ ශාන්ත ජෝෂප් විදුහලේ ජෙහාන් ඩැනියෙල් කටයුතු කරයි.

කොළඹ නගරය අවට පවතින වැසිබර කාලගුණික තත්ත්වය නිසා තරගාවලියට සහභාගි වීමට නියමිත ශ්‍රී ලංකා සංචිතය පුහුණුවීම් සඳහා මේ මස 16 වැනි මහනුවර බලා පිටත්ව යෑමට නියමිතය.


ශ්‍රී ලංකා සංචිතය :
කමිඳු මෙන්ඩිස් (නායක), ජෙහාන් ඩැනියෙල් (උප නායක), අෂේන් බණ්ඩාර, ධනංජය ලක්ෂාන්, නිෂාන් මෙතුෂංක, නිපුන ධනංජය, හසිත බෝයගොඩ, ක්‍රිෂාන් සංජුල, නුවනිඳු ප්‍රනාන්දු, රන්දීර් රණසිංහ, තිසරු රෂ්මික, නිපුන් රංසික, ප්‍රවීන් ජයවික්‍රම, කළණ පෙරේරා සහ කේ. කේ. කෙවින්  

හදිසි අවස්ථාවක් සඳහා සූදානමින් සිටින ක්‍රීඩකයෝ :
විශ්ව චතුරංග, රවිඳු සංජන, හරීන් බුද්ධිල සහ තිලාන් ප්‍රශාන්

 


අදහස් (0)

19 න් පහළ නායකයා කමිඳු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.