Last Update  :  2025-12-29 13:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 19න් පහළ ලෝක කුසලානය දකුණු අපි‍්‍රකාවට

19න් පහළ ලෝක කුසලානය දකුණු අපි‍්‍රකාවට

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 01 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

වයස 19 න් පහළ ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට දකුණු අපි‍්‍රකාව අද (1 වැනිදා) සමත්විය. ඩුබායි අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවති අවසන් මහ තරගයෙන් පාකිස්තානයට එරෙහිව කඩුලූ 6 ක පහසු ජයක් වාර්තා කරමින් ඔවුහු එම ශූරතාවට හිමිකම් කීහ.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 132 ක පහසු ඉලක්කයක් හඹාගිය දකුණු අපි‍්‍රකානු පිල  ඕවර 42.1 ක් අවසානයේ කඩුලූ 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යෑමට සමත්විය.

එහිදී දකුණු අපි‍්‍රකානු පිල වෙනුවෙන් නොදැවී ලකුණු 66 ක් රැස්කළ නායක අයඞ්න් මක‍්‍රම් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය. ග්‍රෙග්  ඕල්ඞ්ෆීල්ඞ් ලකුණු 40 ක් රැස්කරමින් තරගය ජයග‍්‍රහණය කරා රැගෙන යෑමට ඔහුට අනගි සහයක් දුන්නේය.

කාසියේ වාසිය දිනූ පාකිස්තාන පිල පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන්ගේ පළමු කඩුලූ 7 ම ලකුණු 72 ක් තුළ බිඳවැටිණ.

ආමඞ් බට් (නොදැවී 37) සහ සෆාර් ගෝහර් (22) එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 45 ක සම්බන්ධතාව නොවන්නට පාකිස්තාන ඉනිම ලකුණු 100 කට අඩුවෙන් සීමාවීමටද ඉඩකඩ තිබිණ.

දකුණු අපි‍්‍රකානු පිල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරතවූ කොබින් බොස්ච් ලකුණු 15 කට කඩුලූ 4 ක් දවාගනිමින් පාකිස්තාන පිලට දැඩි පීඩනයක් එල්ල කළේය.


පාකිස්තාන පිල -  ඕවර 44.3 කදී සියලූ දෙනා දැවී 131
(සාමි අස්ලම් 16, හසන් රාසා 15, සෆාර් ගෝහර් 22, ආමඞ් බට් 37, කොබින් බොස්ච් 15/4)

දකුණු අපි‍්‍රකානු පිල -  ඕවර 42.1 කදී කඩුලූ 4 කට 134
(අයඞ්න් මක‍්‍රම් 66, ග්‍රෙග්  ඕල්ඞ්ෆීල්ඞ් 40, කරමට් අලි 24/2)


- 036

 


අදහස් (1)

19න් පහළ ලෝක කුසලානය දකුණු අපි‍්‍රකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.