Last Update  :  2025-05-03 18:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 18 න් පහළ බාලක ශූරතාව නාලන්දාවට

18 න් පහළ බාලක ශූරතාව නාලන්දාවට

දිලිනි මල්රුක්ෂි - 2013 ඔක් මස 21 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

කොළඹ මියුසියස් විද්‍යාලයේ සහ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ පැවති මාරි මියුසියස් හිගින්ස් අනුස්මරණ සමස්ත ලංකා අවුරුදු 18 න් පහළ යුගල බැඞ්මින්ටන් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට කොළඹ නාලන්දා විදුහල සමත්විය.

අර්ධ අවසන් පූර්ව වටයේදී අම්බන්ගොඩ ධර්මාශෝක විදුහල තරග වට 3 - 2 ක් ලෙස පරාජය කළ කොළඹ නාලන්දා විදුහල් කණ්ඩායම අවසන් පූර්ව වටයේදී කොළඹ රාජකීය විදුහල තරග වට 3 - 1 ක් ලෙස පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීය.

අවසන් මහ තරගයේදී කොළඹ ආනන්ද විදුහලට එරෙහිව තරග වට 3 - 1 ක ජයක් වාර්තා කරමින් ඔවුහු මාරි මියුසියස් හිගින්ස් අනුස්මරණ කුසලාන දිනාගත්හ.

රමල් කීර්තිරත්න නාලන්දා විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ අතර බිමල් කොතලාවල මහතා එහි පුහුණුකරු වශයෙන් කටයුතු කළේය.

මියුසියස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ අනුග‍්‍රහයද ඇතිව ශ්‍රී ලංකා පාසල් බැඞ්මින්ටන් සංගමය විසින් මෙම තරගාවලිය සංවිධානය කරනු ලැබීය.

- 036

 


අදහස් (2)

18 න් පහළ බාලක ශූරතාව නාලන්දාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.