Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 17 න් පහළ සාෆ් පාපන්දු තරග සැප් 5 දා සිට කොළඹදී

17 න් පහළ සාෆ් පාපන්දු තරග සැප් 5 දා සිට කොළඹදී

editorial - 2022 අගෝ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකාව සත්කාරය දරන සාෆ් (දකුණු ආසියානු) වයස 17 න් පහළ (බාලක) පාපන්දු තරගාවලිය ලබන සැප්තැම්බර් 5 සිට 14 වැනිදා දක්වා කොළඹ සුගතදාස හා රීඩ් මාවත ක්‍රීඩාංගණ දෙකකදී පැවැත්වීමට නියමිතය. ඒ සඳහා සහභාගී වන කණ්ඩායම් ගණන හයකි.

මෙහි බාලිකා තරගාවලිය නේපාලයේදී පැවැත්වීමට සූදානම් කර ඇත්තේ ලබන සැප්තැම්බර් 6 සිට 19 වැනිදා දක්වාය.

මෙම තරගාවලි දෙකේම කාණ්ඩ වර්ගීකරණය සඳහා කුසපත් ඇදීම පසුගිය සෙනසුරාදා (30) බංග්ලාදේශයේ ‘ඩකා’ නුවරදී දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ ප්‍රධාන ලේකම් අන්වාරුල්හක් හා බංග්ලාදේශ ජාතික පාපන්දු සම්මේලනයේ ලේකම් අබු හසිම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. ඒ අනුව කොළඹදී පැවැත්වෙන බාලක තරගාවලියේ මූලික වටයේදී ඒ කාණ්ඩයෙන් සත්කාරක ශ්‍රී ලංකාව, මාලදිවයින හා බංග්ලාදේශයත් ‘බී’ කාණ්ඩයෙන් ඉන්දියාව, නේපාලය හා භූතානයත් තරග වැදීමට නියමිතය.

නේපාලය සත්කාරය දරණ බාලිකා තරගාවලියේ මූලික වටයේ තරග වැදීම සඳහා  කණ්ඩායම්, පෙළගැස්වීමේදී කුසපත් ඇදීමට අනුව ශ්‍රී ලංකාව ‘බී’ කාණ්ඩයෙන් තරග වදියි. බංග්ලාදේශය, ඉන්දියාව, මාලදිවයින හා පාකිස්ථානය එහිදී ‘ඒ’ කාණ්ඩයෙන්ද සත්කාරක නේපාලය හා භූතානය ශ්‍රී ලංකාව සමග ‘බී’ කාණ්ඩයෙන්ද කත්මන්ඩු නුවරදී තරග බිමට පිවිසෙති.

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා පැවැසුවේ ශ්‍රී ලංකා සංචිතය  බැද්දගාන ජාතික පාපන්දු සංවර්ධන මධ්‍යස්ථාන පිටියේදී පැවැත්වීමට නියමිතව තිබිණ. එහිදී මූලික සංචිතය 35 දෙනෙකුගෙන් සමන්විතව තෝරා ගැනේ.

තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 23 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රීලංකා කණ්ඩායමක් තෝරා ගැනේ.

මෙම තරගමාලා දෙකේම ගියවර ශූරතා දිනා ගත්තේ ඉන්දියාව විසිනි.


අදහස් (0)

17 න් පහළ සාෆ් පාපන්දු තරග සැප් 5 දා සිට කොළඹදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.