Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් වයස 15 න් පහළ I වැනි කොටසේ අවසන් මහා තරගය කොළඹ නාලන්ද විද්‍යාලය සහ මොරටුව ශා. සෙබස්තියන් විද්‍යාලය අතර හෙට සහ අනිද්දා (14 සහ 15) කොළඔ තර්ස්ටන් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදි පැවැත්වීමට කටයුතු යොදා ඇත.
දුලිප් සමරසේකරගේ නායකත්වයෙන් 1990 වසරේදී ශූරතාවය දිනාගත් කොළඹ නාලන්ද විද්‍යාලය වසර 26 කට පසුව නැවතත් අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත්වී ඇත.
මොරටුව ශා. සෙබස්තියන් විද්‍යාලය පසුගිය වසර දෙකේදීම අවසන් තරගයට සුදුසුකම් ලැබූ නමුත් ඒ අවස්ථා දෙකේදීම අනුශූරතාවයෙන් සෑහීමට පත්වීමට ඔවුන්ට සිදුවිය.
මෙම වසර තුළදී උසස් දස්කම් අතර පසුවන ශා. සෙබස්තියන් විද්‍යාලීය කණ්ඩායම් අතුරින් වයස 19 පහළ කණ්ඩායම I වැනි කොටසේ සම ශූරතාව දිනාගත් අතර එක්දින තරගාවලියේ ශූරතාවද හිමිකරගත්තේය. වයස 17 න් පහළ I වැනි කොටසේ ශූරතාවයත් දිනාගැනීමට සමත්වූ ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ 15 න් පහළ කණ්ඩායම තවත් අවසන් මහ තරගයකට සුදුසුකම් ලබා සිටී.
කොළඹ නාලන්ද විද්‍යාලීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම අවිෂ්ක පෙරේරාට හිමිවී තිබෙන අතර මොරටුව ශා. සෙබස්තියන් විද්‍යාලීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ශනෙල් ප්‍රනාන්ට හිමිවී තිබේ.
කොළඹ නාලන්ද විද්‍යාලය සහ කළුතර ක්‍රිස්තුරාජ විද්‍යාලය අතර තරගය විසදුමකින් තොරව අවසන්වීම හේතුවෙන් නාලන්දා විදුහල අර්ධ පූර්ව තරගය සදහා සුදුසුකම් ලබාගත්තේ මූලික වටයේ ප්‍රසාද ලකුණු අනුවය. අවසන් පූර්ව තරගයේදී පසුගිය වසරේ ශූරයන්වූ ගල්කිස්ස සා. තෝමස් විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ නාලන්ද විද්‍යාලය සමත්වූයේය.
අර්ධ අවසන් පූර්ව තරගයේදී මහානාම විද්‍යාලීය කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගනිමින් මොරටුව ශා. සෙබස්තියන් විද්‍යාලය අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගත්තේය. අවසන් පූර්ව තරගයේදී මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබූ මොරටුව ශා. සෙබස්තියන් විද්‍යාලය අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.
කොළඹ නාලන්ද විද්‍යාලයීය කණ්ඩායම -
අවිෂ්ක පෙරේරා (නායක), මෝක්ෂ සංකල්ප (උපනායක), ලක්ෂාන් කාශ්‍යප, රවීන් ද සිල්වා, ජයෝද් කල්දේරා, තමිඳු කමලසූරිය, නිසල් රංදික, අනුධ ජිත්වර, ජිතේෂ් වාසල, නදුන් සේනාරත්න, අශේන් වලිසුන්දර, අදීෂ ජයරත්න, ළහිරු රදීශාන්, රෂාන් දිසානායක, පැතුම් කුවේජූ කොළඹ නාලන්දා විද්‍යාලයේ විදුහල්පති රංජිත් ජයසුන්දර, කණ්ඩායම් භාර ආචාර්ය කල්ප උදයප්‍රිය සහ පුහුණුකරු ලක්ෂාන් හේවගේ යන මහත්වරුන් සමග
මොරටුව ශා. සෙබස්තියන් විද්‍යාලයීය කණ්ඩායම -
ශනෙල් ප්‍රනාන්දු, ජනිශ්ක පෙරේරා (උපනායක), සුකිත මනෝජ් ප්‍රසන්න, ශශික පෙරේරා, නදීර ප්‍රනාන්දු, දුලාර ප්‍රනාන්දු, චමෝද් මෙන්ඩිස්, දුනිත් වෙල්ලාගේ, බිහඟ මෙන්ඩිස්, චකිල පෙරේරා, සවීන් ප්‍රනාන්දු, සකිත් ප්‍රනාන්දු, ඩෙවොන් ෆෙරෙයිරා, නවෝද් සිල්වා, සඳුන් ප්‍රනාන්දු, ශෙහාන් ද මැල් විද්‍යාලයේ අදියුරු වන රංජිත් අන්ද්‍රාන්දි පියතුමා, ක්‍රීඩා පාලක ප්‍රියාන් සුභාෂන පියතුමා, කණ්ඩායම් භාර ආචාර්ය ජයශාන්ත ප්‍රනාන්දු, පුහුණුකරු නිශාන්ත ප්‍රනාන්දු, සහය පුහුණුකරු සමිත ප්‍රනාන්දු යන මහත්වරුන් සමග.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.