වෙළෙද සේවා ක‍්‍රිකට් සංගමය 10 වැනි වරට සංවිධානය කළ ක‍්‍රිකට් පුහුණු පාසල් අතර තරගාවලියේ 15 න් පහළ ශූරතාව වෙළෙද සේවා ක‍්‍රිකට් පුහුණු පාසලේ ‘වයිට්’ පිල විසින්ද 13 න් පහළ ශූරතාව සී.සී.සී. ‘මෙරූන්ස්’ පිල විසින්ද දිනා ගන්නා ලදි.
වයස 15 න් පහළ තරගාවලියේ අවසන් මහ තරගයේදී වෙළෙ`ද සේවා ක‍්‍රිකට් පුහුණු පාසල් ‘වයිට්’ පිල විසින් අශෝක ද සිල්වා ක‍්‍රිකට් පුහුණු පාසල ද, වයස 13 න් පහළ තරගාවලියේ අවසන් මහ තරගයේදී සී.සී.සී. ‘මෙරූන්ස්’ පිල විසින් රාගම ක‍්‍රිකට් පුහුණු පාසලද පරාජය කරන ලදී.
වයස 15 න් පහළ තරගාවලියේ වීරයා ලෙස ඒෂියන් ක‍්‍රිකට් පුහුණු පාසලේ කවීෂ ලක්‍ෂාන් ද, වයස 13 න් පහළ තරගාවලියේ වීරයා ලෙස සී.සී.සී. ක‍්‍රිකට් පුහුණු පාසලේ ප‍්‍රභාෂ්වර හේරත් ද, සම්මාන ලැබූහ.
ෆොන්ටේරා බ‍්‍රෑන්ඞ්ස් ලංකා සමාගමේ ‘ඇන්කර්’ මෙම තරගාවලියට පළමු වරට අනුග‍්‍රහය දැක්වීය.
වෙළෙඳ සේවා ‘වයිට්ස්’ කණ්ඩායම
සී. සී. සී. ‘මෙරූන්ස්’ කණ්ඩායම
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.