Last Update  :  2025-07-07 11:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 15 න් පහළ ඕවර සීමාව අත්හිටුවයි

15 න් පහළ ඕවර සීමාව අත්හිටුවයි

සංජය එරමුදුගොඩ - 2016 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාසල් ක‍්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන තරගාවලියේ තරග මේ වසරේ සිට ඕවර 95 ක සාමාන්‍ය තරග ලෙස පැවැත්වීමට පාසල් ක‍්‍රිකට් සංගමයේ විධායක කමිටුව තීරණය කර තිබේ. මෙම තරගාවලියේදී තරග මීට පෙර ඉනිමක්  ඕවර 50 යේදී එක්දින තරග ලෙස පැවැත්විණි.

මෙම වෙනස්කිරීමත් සමඟ ලබන මැයි මස ආරම්භ වන වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ තරගයක් පැය 6 යි මිනිත්තු 20 ක  ඕවර 95 ක සාමාන්‍ය තරගයක් වේ.

පාසල් ක‍්‍රිකට් සංගමයේ ලේකම් ඩිල්ෂාන් ද සිල්වා මහතා පැවසුවේ බොහෝ අංශවලින් කළ ඉල්ලීමකට අනුව මෙම වෙනස් කිරීම කළ බවත් කුඩා කාල සිට දිගු ඉනිමක් ක‍්‍රීඩා කිරීම සහ අඛණ්ඩව පන්දු යැවීම හුරුකිරීම මෙහි ප‍්‍රධාන අරමුණ බවයි.   

 

 ●●●  

 


අදහස් (0)

15 න් පහළ ඕවර සීමාව අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.