Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 14න් පහළ හොකී තරගාවලියට අයදුම්පත් කැඳවයි

14න් පහළ හොකී තරගාවලියට අයදුම්පත් කැඳවයි

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය විසින් මෙහෙයවනු ලබන සමස්ත ලංකා පාසල් වයස අවුරුදු 14න් පහළ බාලක බාලිකා හොකී තරගාවලිය සඳහා අයදුම්පත් ලබන නොවැම්බර් 20දා දක්වා බාරගැනේ.

මෙම තරගාවලිය දෙසැම්බර් මස 7, 8 සහ 9 යන දිනවල මහියංගනය රජරට විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

තරගාවලිය සඳහා අයදුම්පත් නොවැම්බර් 20 වැනිදාට පෙර අනුරුද්ධ හේරත් බණ්ඩාර මහතා, ලේකම්, ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය, විජය විදුහල, මාතලේ යන ලිපිනයට යොමුකළ යුතුය.

ශ්‍රී ලංකා පාසල් හොකී ක්ෂේත්‍රයේ 2017 වසරේ පවත්වනු ලබන අවසන් තරගාවලිය මෙයයි.

 


අදහස් (0)

14න් පහළ හොකී තරගාවලියට අයදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.