Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කෝටි 55 ක් එල්.පී.එල්. බැලුවාලු

කෝටි 55 ක් එල්.පී.එල්. බැලුවාලු

editorial - 2021 ජුලි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියෙහි පළමු අදියර ලොව පුරා ප්‍රේක්ෂකයින් මිලියන 557 ගේ ආකර්ෂණය දිනා ගත් බව එම තරගාවලියෙහි නිල අළෙවි හිමිකාරීත්වය හිමි නවෝත්පාදන නිෂ්පාදන සමාගම (අයි.පී.ජී) පවසයි.  ලොවපුරා ක්‍රිකට් ලෝලීන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ තරගාවලිය නැරඹූ බව පසුගියදා එළි දැක්වූ ලංකා ප්‍රීමියර් ලීග් පළමු තරගාවලියට අදාළ ප්‍රගති සමාලෝචන වාර්තාවෙහි අන්තර්ගත විය. 

එමෙන්ම තරගාවලිය සඳහා ලබා දුන් මාධ්‍ය ආවරණයන්හි තක්සේරුව ඩොලර් මිලියන 54.5 ක් බවත් ලංකා ප්‍රීමියර් ලීග් පළමු අදියරේ ජයග්‍රාහකයන් වූ ජැෆ්නා ස්ටැලියන් කණ්ඩායම ඇගයුම් වාර්තාවේ පළමු ස්ථානයට පැමිණෙමින් ඩොලර් මිලියන 3.98 ක මාධ්‍ය ආවරණ වටිනාකමක් ලබාගෙන ඇත. 

ගෝල් ග්ලැඩියේටර්ස් පිල ඩොලර් මිලියන 3.82 ක් ද, දඹුල්ල වයිකිංග්ස් පිල ඩොලර් මිලියන 3.54 ක් සහ කළම්බු කිංග්ස් පිල ඩොලර් මිලියන 3.44 ක වටිනාකමකින් යුත් මාධ්‍ය ආවරණ වටිනාකමක් ලබා ගත් බව මෙම ඇගයුම් වාර්තාවෙහි සඳහන් විය.

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියෙහි පළමු අදියර පසුගිය වසරේ නොවැම්බර් 26 සිට දෙසැම්බර් 16 දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී පැවැත්වූ අතර ඒ ඒ කණ්ඩායම්හී සියලූම ක්‍රීඩකයන් ජෛව ආරක්‍ෂිත බුබුළක රැඳීසිටිමින් තරගාවලියට එක්වූහ.

“පළමු අදියර පිළිබඳව පැවැති ප්‍රේක්‍ෂක උනන්දුව සහ ආකර්ෂණය සැබවින්ම අපව දිරිගන්වන සුළුයි. පසුගිය වසරේ තරගාවලිය සාර්ථකව පැවැත්වීම සඳහා ඔවුන්ගෙන් ලද ආශිර්වාදය අපට බෙහෙවින්ම වැදගත් වූනා. එමෙන්ම මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ විස්සයි20 ක්‍රිඩාව නැංවීම සඳහා මෙන්ම නවක ක්‍රීඩකයන්ට, ජාත්‍යන්තර ක්‍රීඩකයින් සමග එක්ව ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා. 
එමෙන්ම මෙම තරගාවලිය ජාත්‍යන්තර තරගාවලියක් ලෙස පැවැත්වෙන බැවින් ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවේ මධ්‍යස්ථානයක් ලෙස ජාත්‍යන්තරය තුළ සිය ස්ථානය සනිටුහන් කිරීමටද පුළුවන් වෙනවා. පසුගිය වසරේ තරග සංවිධානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ගෙන් ලද සහාය මෙම අවස්ථාවේදී කෘතවේදීව සිහිපත් කළ යුතුයි. එමෙන්ම තරගාවලිය සාර්ථක කර ගැනීමට සහය වූ සියලූ පාර්ශවයන්ට මාගේ ස්තුතිය පුද කරන අතර මෙවර තරගාවලියද වඩාත් ප්‍රශස්ත අයුරින් සංවිධානය කිරීමට සියලූ දෙනාගේ සහය හිමිවෙතැයි අපේක්ෂා කරනවා” යැයි අයි.පී.ජී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අනිල් මෝහන් මහතා පැවසීය.

“පසුගිය වසරේ සාර්ථකත්වය සහ ලැබුණු අත්දැකීම් සමග මේ වසරේ පැවැත්වීමට නියමිත ලංකා ප්‍රීමියර් ලීග් දෙවැනි අදියර වඩාත් සාර්ථක කර ගැනීමට නිසැකවම හැකිවෙතැයි මම අපේක්ෂා කරනවා. මෑතකදී එළිදැක්වූ මාධ්‍ය ආවරණ ඇගයුම් වාර්තාවට අනුව පසුගිය තරගාවලිය සඳහා එක් වු අනුග්‍රාහක සමාගම් විසින් ලැබූ මාධ්‍ය ප්‍රචාරණ වටිනාකම ඔවුන්ගේ ආයෝජනය සමග සැසඳීමේදී ඉතා ඉහළ අගයක් ගත් බැවින් අනුග්‍රාහක සමාගම්වල ඉහළ ආකර්ෂණය මෙවර තරගාවලියට ලැබී තිබෙනවා. මෙය ඉදිරි තරගාවලි සඳහා සුභදායී තත්වයක් ලෙස සැලකිය හැකියි” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා පැවසීය.

 


අදහස් (0)

කෝටි 55 ක් එල්.පී.එල්. බැලුවාලු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.