Last Update  :  2025-12-26 22:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ‘රෙඞ් බුල්’ සරසවි කි‍්‍රකට් තරග ඇරඹෙයි

‘රෙඞ් බුල්’ සරසවි කි‍්‍රකට් තරග ඇරඹෙයි

සංජය එරමුදුගොඩ - 2015 මැයි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

උසස් අධ්‍යාපන ආයතන කි‍්‍රකට් කණ්ඩායම් අතර වාර්ෂිකව පැවැත්වෙන ‘රෙඞ් බුල්’ කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා කණ්ඩායම් 8 ක් තේරී සිටිති.

මේ වසරේ ඉන්දියාවේ පැවැත්වෙන ‘රෙඞ්බුල් කැම්පස් ක‍්‍රිකට්’ ලෝක කුසලාන තරගාවලිය සඳහා එක්වන ශ‍්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම සඳහා පැවැත්වෙන දේශීය තරගාවලියේ පළමු වටයේ තරග පසුගියදා කොළඹ තර්ස්ටන් විදුහල් පිටියේදී පැවැත්විණි.

කාලගුණයෙන් බාධා පැමිණීම නිසා ඒ. එන්. සී. පිල සහ එන්. එස්. බී. එම්. කණ්ඩායම් අතර තරගය පසුවට කල්දමන ලද අතර මෙම තරගාවලියේ පසුගිය වසරේ ශී‍්‍ර ලංකා ශුරයන් වන අයි. සී. බී. ටී. සහ පසුගිය වසරේ අනුශුරයන් වන ආර්. අයි. සී. පිල සෘජුවම අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.

අර්ධ අවසන් පූර්ව වටයේ තරග සැප්තැම්බර් මස 05 හා 06 යන දිනවලදී පැවැත්වීමට නියමිතය.

මෙම තරගාවලියේදී ශී‍්‍ර ලංකා ශූරතාව දිනාගන්නා කණ්ඩායම ලබන ඔක්තෝබර් මාසයේදී ඉන්දියාවේදී පැවැත්වෙන රෙඞ් බුල් ලෝක කුසලාන තරගාවලියට ඉදිරිපත් වීම සඳහා සුදුසුකම් ලබනු ඇත. සිවුවැනි වරටත් පැවැත්වෙන මෙම ලෝක කුසලාන තරගාවලිය සඳහා ඕස්ටේ‍්‍රලියාව, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, පාකිස්තානය, දකුණු අපි‍්‍රකාව, ශී‍්‍ර ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල උසස් අධ්‍යාපන ආයතන වලින් කණ්ඩායම් ඉදිරිපත් කෙරේ.
සම්පූර්ණ තරගාවලිය සඳහා මෙම රටවලින් ඉදිරිපත් වන උසස් අධ්‍යාපන ආයතන කණ්ඩායම් සංඛයාව 200 ඉක්මවයි.


පෙර අර්ධ අවසන් වටයේ තරග ප‍්‍රතිඵල

  • ඒ. සී. බී. ටී. කණ්ඩායම විසින් සිනෙක් කණ්ඩායම ලකුණු 57 කින් පරාජය කරන ලදි.
  • අයි. අයි. එච්. ඊ. කණ්ඩායම විසින් ඒ. පී. අයි. අයි. ටී. කණ්ඩායම ලකුණු 13 කින පරාජය කරන ලදි.
  • කේ. ඞී. යූ. කණ්ඩායම විසින් ඔස්ටන් කණ්ඩායම ලකුණු 19 කින් පරාජය කරන ලදි.
  • එස්. එල්. අයි. අයි. ටී. කණ්ඩායම විසින් වී. එච්. ඊ. කණ්ඩායම කඩුලූ 4 කින් පරාජය කරන ලදි.
  • බී. එම්. එස්. කණ්ඩායම විසින් අයි. අයි. ටී. පිල කඩුලූ 6 කින් පරාජය කරන ලදි.

අදහස් (0)

‘රෙඞ් බුල්’ සරසවි කි‍්‍රකට් තරග ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.