Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ‘ප‍්‍රීමා’ කුසලාන තරග ඇරඹේ

‘ප‍්‍රීමා’ කුසලාන තරග ඇරඹේ

සංජය එරමුදුගොඩ - 2015 අගෝ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය, ප‍්‍රීමා සමූහ ව්‍යාපාරය සමඟ එක්ව 9 වැනි වරටත් සංවිධානය කරන ‘ප‍්‍රීමා’ කුසලාන වයස 15 න් පහළ අන්තර් දිස්ත‍්‍රික් සහ පළාත් ක‍්‍රිකට් තරගාවලිය ලබන මස 01 වැනිදා ආරම්භ වේ.

මෙවර තරගාවලියේ පළමු වටය ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ බෙදීමට අනුව දිස්ත‍්‍රික් කණ්ඩායම් 32 ක් සහභාගිත්වයෙන් පැවැත්වේ. පළමු වටයේ සම්පූර්ණ තරග සංඛ්‍යාව 50 කි. දෙවැනි වටයේදී දිස්ත‍්‍රික් කණ්ඩායම් 10 ක් තරග කරන අතර එය තරග 23 කින් සමන්විත වේ.

දිස්ත‍්‍රික් තරගාවලිය සැප්තැම්බර් මස 9 වැනිදා අවසන් වන අතර පළාත් තරගාවලිය සැප්තැම්බර් 20 වැනිදා සිට ඔක්තෝබර් 1 වැනිදා අවසන් වේ. අවසන් මහ තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී ඔක්තෝබර් 01 වැනිදා පැවැත්වීමට නියමිතය.

පාසල් ක‍්‍රිකට් සංගමය සංවිධානය කරන ක‍්‍රිකට් තරගාවලි හැරුණු පසු ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විශාලතම කනිෂ්ඨ ක‍්‍රිකට් තරගාවලිය මෙම තරගාවලිය වේ. 2007 වසරේ ආරම්භ වූ මෙම තරගාවලිය අඛණ්ඩව පැවැත්වීමට අවස්ථාව උදාවී තිබේ.

සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ටී‍්‍රස් සමාගමේ සාමාන්‍යාධිකාරී සූන් ටියෙන් මහතා පැවසුවේ මෙම තරගාවලිය තුළින් පසුගිය වසර අටේදී සාර්ථක ප‍්‍රතිඵල ලැබුණු බවත් ඒ සඳහා ඉදිරියටත් කටයුතු කරන බවත්ය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ටී‍්‍රස් සමාගමේ සාමාන්‍යාධිකාරී සූන් ටියෙන් මහතා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති සිදත් වෙත්තමුණි මහතාට අනුග‍්‍රහක චෙක්පත නිල වශයෙන් ප‍්‍රදානය කළ අවස්ථාව. සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ටී‍්‍රස් සමාගමේ ජ්‍යෙෂ්ඨ ව්‍යාපාර හා අළෙවි කළමණාකරු සජිත් ගුණරත්න (වමේ) සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උප සභාපති කුෂිල් ගුණසේකර (දකුණේ) යන මහත්වරුද ඡායාරූපයේ වෙති.

 

 


අදහස් (0)

‘ප‍්‍රීමා’ කුසලාන තරග ඇරඹේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.