කොළඹ ක‍්‍රිකට් සමාජ (සී.සී.සී.) ක‍්‍රිකට් පුහුණු පාසල 12 වැනි වසරට සංවිධානය කරන ‘නෙල්සන් මෙන්ඩිස්’ අභියෝග කුසලාන වයස 14 න් පහළ ආරාධිත ක‍්‍රිකට් පුහුණු පාසල් ක‍්‍රිකට් තරගාවලිය මේ මස 10 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වේ.
මෙවර තරගාවලියට දේශිය කණ්ඩායම් 36 ක් සහභාගි වන අතර විවිධ හේතූන් නිසා මෙවර විදේශ කණ්ඩායම් සහභාගි නොවන බව සංවිධායකයෝ පවසති. තරගාවලියට කොළඹ සහ අවට නමගිය ක‍්‍රිකට් පුහුණු පාසල් සමඟ රඹුක්කන, මොනරාගල, කුරුණෑගල සහ අම්බලන්ගොඩ යන ප‍්‍රදේශවල කණ්ඩායම් රැසක් ද සහභාගි වීමට නියමිතය.
පළමු වටයේදී කාණ්ඩයකට කණ්ඩායම් 6 බැගින් වන කාණ්ඩ හයක් යටතේ තරග පැවැත්වේ. එහිදී සියලූම කාණ්ඩවල පළමු සහ දෙවැනි ස්ථාන ලබාගන්නා කණ්ඩායම් ‘සුපිරි 12’ වටයට සුදුසුකම් ලබයි. එම වටයේදී කණ්ඩායම් තුන බැගින් කාණ්ඩ හතරක් යටතේ තරග පැවැත්වෙන අතර එම කාණ්ඩවල පළමු ස්ථාන හිමිකර ගන්නා කණ්ඩායම් හතර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.
පළමු වටයේ සහ ‘සුපිරි 12’ වටයේ තරගයක ඉනිමක් ඕවර 30 කට සීමා වේ. අවසන් පූර්ව තරගවල, තෙවැනි ස්ථානය සහ අවසන් මහ තරගයේ ඉනිමක් ඕවර 45 ක් ලෙස පැවැත්වේ. තරග 90 කින් යුත් තරගාවලියේ සියලූම තරග කොළඹ සහ අවට ක‍්‍රීඩාංගණ 11 කදී පැවැත්වේ.
අවසන් මහ තරගය මේ මස 22 වැනිදා සී.සී.සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
තරගාවලියේ වීරයාට, දක්‍ෂතම පිතිකරුට, දක්‍ෂතම පන්දුයවන්නාට, දක්‍ෂතම පන්දු රකින්නාට සහ දක්‍ෂතම කඩුලූ රකින්නාට විශේෂ කුසලාන පිරිනැමෙන අතර ‘සුපිරි’ වටයේ තරග 12 යේ, අවසන් පූර්ව තරගවල සහ අවසන් මහ තරගයේ වීරයන්ට කුසලාන පිරිනැමීමට කටයුතු යොදා තිබේ. ඊට අමතරව ‘වඩාත් විනයානුකූල’ කණ්ඩායමට ද කුසලාන පිරිනැමීමට නියමිතය.
සී.සී.සී. ක‍්‍රිකට් පුහුණු පාසල පසුගිය වසරේ ශූරතාව දිනාගත් අතර වෙළෙද සේවා ක‍්‍රිකට් පුහුණු පාසල අනු ශූරයන් බවට පත්විය.
තරගාවලියේ ජය සංකේත ප‍්‍රදානෝත්සවය හිටපු ශ්‍රී ලංකා පිතිකරු සහ අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ තරග තීරක රොෂාන් මහානාම මහතාගේ ප‍්‍රධානත්වයෙන් මේ මස 22 වැනිදා පස්වරු 6.30 ට කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ‍්‍රවනාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රහකයා වන සිංගර් සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමණාකරු (වෙළෙඳ භාණ්ඩ) අසන්ත කරුණාරත්න මහතා විසින් සී.සී.සී. ක‍්‍රිකට් පුහුණු පාසලේ පුහුණු අධ්‍යක්‍ෂ නෙල්සන් මෙන්ඩිස් සහ එහි ප‍්‍රධාන විධායක නිලධාරී හර්ෂ පීරිස් යන මහත්වරුන්ට ක‍්‍රීඩක කමිසය නිල වශයෙන් පිරිනමන ලද අවස්ථාව.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.