Last Update  :  2025-10-09 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ෆීෆා අරමුදල් එන්නේ කාගෙවත් ගෙදරකට නොවෙයි : පාපන්දු ආයතනයටයි

ෆීෆා අරමුදල් එන්නේ කාගෙවත් ගෙදරකට නොවෙයි : පාපන්දු ආයතනයටයි

editorial - 2025 ඔක් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය  (ෆීෆා) හා ආසියානු පාපන්දු සමුළුව ශ්‍රී ලංකාවට ලබා දෙන ප්‍රතිපාදන වල කිසිදු අඩු කිරීමක් කර නැතැයි ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් ඇතැමුන් මත පළ කරමින් සිටියත් මෙම වසරට නියමිත ෆීෆා ප්‍රතිපාදන ලෙස ඩොලර් මිලියන දෙකක් අනුමත කර ඇතැයි ජස්වර් උමාර් මහතා පැවැසුවේ කොළඹ පාපන්දු නිවසේදී පැවැති මාධ්‍ය හමුවේදී නැගුණු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමිනි.

ඔහු මෙසේද පැවැසීය.”ඔය කියන කතා ගැන අපි දන්නේ නෑ.ෆීෆා ආධාර අරමුදල් ලැබෙන්නේ ශ්‍රී ලංකා පාපන්දු ආයතනයට මිසක් කාගේවත් ගෙවල් වලට නොවෙයි. එහෙම නොදන්නා කමට සමහරු එහෙම කියනවා ඇති.වසර 2000 ඉදලා පාපන්දු ආයතනයේ තනතුරු දරමින් රටේ පාපන්දුව පහළටම ඇද දමපු තමන්ගේ නෑයන්ට ඒ.එෆ්.සී එකේ රස්සාත් අර ගෙන දුන්නු කීපදෙනකු ඔය වගේ කතා කියනවා.

ක්‍රීඩකයන්ට සියලු පහසුකම් ලබා දෙන වයස 23 න් පහළ නිත්‍ය ජාතික පාපන්දු සංචිතයක් ඉදිරි අවුරුදු දෙක සදහා අඛණ්ඩව පවත්වා ගෙන යාමට ශ්‍රී ලංකා පාපන්දු ආයතනය තීරණය කර ඇතැයිද එහිදී ඔහු වැඩිදුරටත් පැවැසීය.

මෙම මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ පුහුණු කාර්ය මණ්ඩල (කාන්තා හා පිරිමි) නියෝජනය කරමින් එහි ප්‍රධානීන් වන සම්පත් පෙරේරා, ඩඩ්ලි ස්ටෙන්වෝල්, චමින්ද ස්ටෙන්වෝල්, මොහොමඩ් අමුනුල්ලා, සම්පත් නාකන්දල, අසීෆ් අන්සර් යන මහත්වරු හා හිතේෂි ජයවර්ධන මහත්මිය අදහස් දැක්වූහ.


අදහස් (0)

ෆීෆා අරමුදල් එන්නේ කාගෙවත් ගෙදරකට නොවෙයි : පාපන්දු ආයතනයටයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.