ශ්‍රී ලංකා පිලේ හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධනගේ ඉල්ලීමක් අනුව කණ්ඩායම් කළමණාකාරිත්වය ඇයට මෙම තරගයේදී ආරම්භක පිතිකාරිනිය ලෙස කටයුතු කිරීමේ අවස්ථාව ලබා දුන් බව කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයෙක් පැවසීය.
වසර 10 කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා පිලේ ඉදිරි පෙළ පිතිකාරිනියක් ලෙස බොහෝ අවස්ථාවලදී දස්කම් දැක්වූ හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන ආරම්භක පිතිකාරිනිය වීමේ අවස්ථාවක් ඇයට දුන් නමුත් ඊයේ තරගයේදී ඇය ලකුණු නොලබා දැවී ගියාය.
ප්රවේගකාරි පිතිකාරි චමරි අතපත්තු අංක 4 ස්ථානයට ඇද දමා තිබේ. චමරි අතපත්තු අධිවේගී ඕවරවලදී පන්දුව ඉහළින් ගැසීමට හැකියාවෙන් වැඩිම ශ්‍රී ලංකා ක්‍රීඩිකාව වන අතර මෙම පිතිකරු ලැයිස්තුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව කබලෙන් ළිපට දැමීමක් බදු විය.
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියක් වන මෙවැනි තරගාවලියක් අත්හදාබැලීම් කිරීමට අවස්ථාවක් නොවන අතර මෙම සංචිතයෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් 6 දෙනකු ඉවත් කර ඇති අතර ඔවුහු ඊයේ තරගයේ නරඹන්නන් බවට පත්ව සිටියහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.