Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හොකී නිලවරණය කැඳවයි

හොකී නිලවරණය කැඳවයි

ශනුක අරවින්ද - 2018 ජන මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ අත්හිටුවා තිබූ ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ නිලවරණය කැඳවීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය සැරසේ. ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් පසුව එතැන් සිට දින 40 ක් තුළදී නිලවරණය පවත්වා අවසන් කිරීමට මේ වන විට සැලසුම්  කර තිබේ.

ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජික සංගමයක් ද වන හොකී සම්මේලන නිලවරණය පෙබරවාරි මස 23 වැනිදා කැඳවීමට නියමිතය.
හොකී සම්මේලනයේ නිලවරණය 2015 මාර්තු 31 වැනිදා පැවැත්වීමට නියමිතව තිබියදී එය අත්හිටුවීමට එවකට  ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ කේ.ඩී. රුවන්චන්ද්‍ර මහතා කටයුතු කළේය. හොකී සම්මේලනය ක්‍රියාකාරිත්වය අත්හිටුවා තිබෙන තත්ත්වයක් තුළ එහි කටයුතු පවත්වාගෙන යාමේ නිසි බලධාරියා ලෙස කටයුතු කරන්නේ වත්මන් ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් සමන් බණ්ඩාර මහතාය.

කෙසේ වුවත් හොකී සම්මේල නිලවරණය 2015 මැයි 23 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණද එය නැවත වරක් කල් දැමීමට සිදු වූයේ ඒ සඳහා ඉදිරිපත්ව තිබූ නාමයෝජනා සම්බන්ධයෙන් උද්ගත වූ අර්බුදයක් හේතුවෙනි. එම නාමයෝජනා කීපයක් ගැසට් පත්‍රයට අනුකූල නොවන බැවින්ද එම නාමයෝජනා ඉදිරිපත් කළ ඇතැම් නිලධාරීන් තනතුරු දැරීමේ උපරිම කාලසීමාව වන සිව් වසරක් සම්පූර්ණකර තිබූ අය බැවින් ද එම නිලවරණය නැවතත් කල්දැමීමට සිදුවිය.

හොකී නිලවරණය කැඳවීමේ නැවත උත්සාහයක් ලෙස ඒ සඳහා 2015 ජූලි 3 වැනිදා නාමයෝජනා බාර ගැනීමට තීරණය වී තිබියදී සාමාජික සංගම් අටකට ඒ සඳහා අවස්ථාව නොලැබුණු බව දක්වමින් අභියාචනාධිකරණයේ පැවරූ නඩුවක් හේතුවෙන් නිලවරණය පැවැත්වීමේ ක්‍රීඩා අමාත්‍යාංශයේ එවර උත්සහයද අසාර්ථක විය. එම කමිටුව අනුව හොකී සම්මේලනයේ නිලවරණය සහ මහ සභා රැස්වීම අත්හිටුවීමේ නියෝගයක් 2015 ජූලි 22 වැනිදා අධිකරණය විසින් ලබා දී තිබේ.

හොකී සම්මේලනයේ එම පරිපාලන අර්බුද පැන නැගුණු එහි සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතාය.

 


අදහස් (0)

හොකී නිලවරණය කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.