Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හේලීස් පිලට කඩුලූ 4 ක ජයක්

හේලීස් පිලට කඩුලූ 4 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2014 ඔක් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළෙද සේවා කි‍්‍රකට් තරගාවලියේ II කාණ්ඩයේ තරගයක් ලෙස පෑන් ඒෂියා බැංකු පිල සහ හේලීස් පිල අතර කටුනායකදී පැවැති තරගයෙන් කඩුලූ 4 ක ජයක් වාර්තා කිරීමට හේලීස් පිල සමත්විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 184 ක ඉලක්කයක් හඹාගිය හේලීස් පිල,  ඕවර 46 ක් අවසානයේ කඩුලූ 6 ක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

හේලීස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මින්හාජ් ජලීල් ලකුණු 73 ක් රැස්කරමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් පෑන් ඒෂියා බැංකු පිල  ඕවර 49.5 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලකුණු 183 ක් ලබාගත්තේය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඉම්රාස් රාෆි ලකුණු 26 කට කඩුලූ 4 ක් දවාගනිමින් පෑන් ඒෂියා බැංකු පිලේ පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට සමත්විය.

 

පෑන් ඒෂියා බැංකු පිල -  ඕවර 49.5 කදී සියලූ දෙනා දැවී 183
(බුද්ධික ජනිත් 40, චාමික සසංක 33, තුසිත් සිල්වා 20, ඉම්රාස් රාෆි 26/4, කවිඳු කුලසේකර 40/2)

හේලීස් පිල -  ඕවර 46 කදී කඩුලූ 6 ක් දැවී 184
(මින්හාජ් ජලීල් 73, ඉම්රාස් රාෆි 44, දමිත් රත්නායක නොදැවී 26, බුද්ධික ජනිත් 35/2, චාමික සසංක 40/2)


- 036


අදහස් (0)

හේලීස් පිලට කඩුලූ 4 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.