Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හීරා-තන්වීර් තෙව්නි-මේදිරා යුගල ශූරතා දිනති

හීරා-තන්වීර් තෙව්නි-මේදිරා යුගල ශූරතා දිනති

දිලිනි මල්රුක්ෂි - 2014 අගෝ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත පිරිමි යුගල ශූරතාව දිනාගැනීමට හීරා ආෂික් සහ තන්වීර් ආෂික් සමත්වූහ. තෙව්නි දේවරාජා සහ මේදිරා සමරසිංහ විවෘත කාන්තා යුගල ශූරතාව දිනාගත්හ.

පිරිමි යුගල අවසන් මහා තරගයේදී තරග වට 3-0 ක් ලෙස සංඛ අතුකෝරාළ සහ නිෂාංගන් නඩරාජා පරාජය කරමින් ආෂික් සොහොයුරන් ශූරතාවට හිමිකම් කීහ.

පළමු අවසන් පූර්ව තරගයේදී චෙහාන් ප‍්‍රනාන්නදු සහ දිල්වර් හුසේන් පරාජය කරමින් සංඛ අතුකෝරාළ සහ නිෂාංගන් නඩරාජා අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්හ.

හීරා ආෂික් සහ තන්වීර් ආෂික් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේ දෙවැනි තරගයේදී දිනේෂ්කාන්තන් තංගරාජා සහ අම්රේෂ ජයවික‍්‍රම පරාජය කරමිනි.

කාන්තා යුගල අවසන් මහා තරගයේදී තරග වට 2-1 ක් ලෙස අම්රිතා මුත්තයියා සහ නිලූෂී ප‍්‍රනාන්දු පරාජය කරමින් තෙව්නි දේවරාජා සහ මේදිරා සමරසිංහ ශූරතාවට හිමිකම් කීහ.

පළමු අවසන් පූර්ව තරගයේදී හසිඳි ලොකුගේ සහ රොෂෙන්කා ප‍්‍රනාන්දු පරාජය කරමින් අම්රිතා මුත්තයියා සහ නිලූෂී ප‍්‍රනාන්දු අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්හ.

තෙව්නි දේවරාජා සහ මේදිරා සමරසිංහ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේ දෙවැනි තරගයේදී රුක්ෂානා ආබ්ඞීන් සහ  ඕෂනී වික‍්‍රමසිංහ හමුවේ නිතරග ජයක් වාර්තා කරමිනි.

විවෘත පිරිමි යුගල අවසන් පූර්ව තරගය

  • හීරා ආෂික් සහ තන්වීර් ආෂික් විසින් තරග වට 3-1 ක් ලෙස සංඛ අතුකෝරාළ සහ නිෂාංගන් නඩරාජා පරාජය කරන ලදි. (6/3, 6/2, 7/6)

විවෘත පිරිමි යුගල අවසන් පූර්ව තරග

  • සංඛ අතුකෝරාළ සහ නිෂාංගන් නඩරාජා විසින් තරග වට 3-0 ක් ලෙස චෙහාන් ප‍්‍රනාන්නදු සහ දිල්වර් හුසේන් පරාජය කරන ලදි. (6/2, 6/0, 6/3)
  • හීරා ආෂික් සහ තන්වීර් ආෂික් විසින් තරග වට 3-1 ක් ලෙස දිනේෂ්කාන්තන් තංගරාජා සහ අම්රේෂ ජයවික‍්‍රම පරාජය කරන ලදි. (6/2, 6/4, 6/3)

විවෘත කාන්තා යුගල අවසන් පූර්ව තරගය

  • තෙව්නි දේවරාජා සහ මේදිරා සමරසිංහ විසින් තරග වට 2-1 ක් ලෙස අම්රිතා මුත්තයියා සහ නිලූෂී ප‍්‍රනාන්දු පරාජය කරන ලදි. (3/6, 6/1, 6/3)

විවෘත කාන්තා යුගල අවසන් පූර්ව තරග

  • අම්රිතා මුත්තයියා සහ නිලූෂී ප‍්‍රනාන්දු විසින් තරග වට 2-0 ක් ලෙස හසිඳි ලොකුගේ සහ රොෂෙන්කා ප‍්‍රනාන්දු පරාජය කරන ලදි. (6/2, 6/3)
  • රුක්ෂානා ආබ්ඞීන් සහ  ඕෂනී වික‍්‍රමසිංහ හමුවේ තෙව්නි දේවරාජා සහ මේදිරා සමරසිංහට නිතරග ජයක් හිමිවිය.

අදහස් (0)

හීරා-තන්වීර් තෙව්නි-මේදිරා යුගල ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.