Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියානු ටෙස්ට් පිලේ හිටපු කඩුලු රකින්නකු මෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරග තීරකවරයකුද වූ බැරී ජාමන් මහතා වයස අවුරුදු 84 දී අභාවප්‍රාප්ත විය.
බැරී ජාමන් 1959 සිට 1969 දක්වා කාලය තුළ ටෙස්ට් තරග 19 කට ක්‍රීඩා කළ අතර 1968 එංගලන්තයේදී පැවති අළු බඳුන සංචාරයේදී නිත්‍ය නායක බිල් ලෝරි තුවාල ලැබූ අවස්ථාවේදී තරගයක් සඳහා ඕස්ට්‍රේලියාවේ නායකත්වයද දැරීය. ඔහු ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ 33 වන නායකයාය.
ඕස්ට්‍රේලියාවේ ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දැරූ කඩුලු රකින්නන් පස් දෙනාගෙන් එක් අයෙකු වන්නේ ජාමන් ය. ජැක් බ්ලැක්හැම්, බිලී මර්ඩොක්, ඇඩම් ගිල්ක්‍රිස්ට් සහ ටිම් පේන් අනෙක් අය කඩුලු රකින්නෝ වෙති.
ක්‍රිකට් ලෝකය පුරා මහත් ප්‍රසාදයක් දිනාගත් තරග තීරකවරයකු ලෙසින් 1995 සිට 2001 දක්වා කාලය තුළ ඔහු ටෙස්ට් තරග 25 ක සහ එක්දින තරග 28 කදී සේවය කළේය. දකුණු ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ක්‍රීඩා කිරීම වෙනුවෙන් 1997 දී ඔහුට ඕස්ට්‍රේලියානු නිලධාරියකුගේ පදක්කම පිරිනමන ලදී.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.