‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ තරගයකදී මොරටු විදුහල් පිලට එරෙහිව ඉනිමක සහ ලකුණු 40 ජයක් අත්කර ගැනීමට ගාල්ල ඇල්විෂියස් විදුහල් පිල ඊයේ (06 වැනිදා) සමත්විය. මෙම තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ගාල්ල ඇල්විෂියස් විදුහලේ හරීන් වීරසිංහ ඉනිම දෙකෙහිදී ලකුණු 69 කට කඩුලු 10 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූයේය.
මොරටු විදුහල - පළමු ඉනිම - ඕවර 72.5 කදී සියලුදෙනා දැවී ලකුණු 163
(නිශාන් මදුෂ්ක 76, ඉසුරු උදයංග 24, හරීන් වීරසිංහ 48/4, කවිෂ්ක ඩිල්ශාන් 35/3)
ගාල්ල ඇල්විෂියස් විදුහල - පළමු ඉනිම - ඕවර 58 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 283
(අශේන් බණ්ඩාර 67, ගිමිහාන ආශීර්වාද 65, නවිඳු නිර්මාල් නොදැවී 59, නිලුක්ෂ දුල්මින 53, හරීන් වීරසිංහ නොදැවී 30)
මොරටු විදුහල - දෙවන ඉනිම - ඕවර 32.3 කදී සියලුදෙනා දැවී ලකුණු 80
(හරීන් වීරසිංහ 21/6)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.