නාමල් පතිරගේ
ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ මීළගට කැඳවීමට නියමිත නිලවරණයේදී ඡන්ද බලය ලබා දුන් දිස්ත්‍රික් සංගම් හා ක්‍රීඩා සමාජ හතකට එරෙහිව එහි හිටපු ලේකම්වරයා විසින් ගොනු කර තිබූ විරෝධතා ඉවත දැමීමෙන් ක්‍රීඩා අමාත්‍යාංශය විසින්ම ක්‍රීඩා පනත උල්ලංඝණය කරමින් සිටින බවට ජිම්නාස්ටික් සංගමයේ හිටපු ලේකම් උදාර එස්.ලියන්වල මහතා පවසයි.
මේ තත්වය හමුවේ මීළගට කැඳවීමට නියමිත ජිම්නාස්ටික් සංගමයේ නිලවරණය වර්ජනය කිරීම හැරෙන්නට තම පාර්ශවයට විකල්පයක් නැතැයි ලියන්විල මහතා පවසයි.
ජිම්නාස්ටික් සංගමයේ නිලවරණය සදහා එහි අනු සංගම් හා ක්‍රීඩා සමාජ වලට අනුමැතිය ලබා දිය යුතු ආකාරය පිළිබදව සංගමයේ ව්‍යවස්ථාවේ පැහැදිළිව දක්වා තිබියදී එය උල්ලංඝණය වන ආකාරයෙන් දිස්ත්‍රික් හා ක්‍රීඩා සමාජ හතකට ක්‍රීඩා අමාත්‍යාංශයේ අභියාචනා උපදේශක කමිටුව විසින් නිලවරණයේදී ඡන්ද බලය ලබාදීමට උනන්දුවී ඇතැයි හිටපු ලේකම්වරයා චෝදනා කරයි.
මාතර, මාතලේ, නුවරඑළිය, කළුතර යන දිස්ත්‍රික් ජිම්නාස්ටික් සංගම් ඇතුළුව කින්, නාගරික හා තරුණ සේවා සභා යන ක්‍රිඩා සමාජ වලට මීළගට නියමිත නිලවරණයේදී ඡන්ද බලය ලබාදීමට ගත් තීරණයට එරෙහි වන බව ලියන්විල මහතා මීට පෙර නිලවරණ කමිටුවට භාර දුන් විරෝධතාවයක දක්වා තිබුණි.
එහිදී අවධාරණය කර ඇත්තේ ඉහත සදහන් අනු සංගම් හා ක්‍රීඩා සමාජ 2023 සිට 2025 දක්වා ජාතික ජිම්නාස්ටික් සංගමය පවත්වන ලද ජාතික තරගාවලිය ඇතුළු එහි තරග මාලා වලට හෝ ජාතික සංගමය සංවිධානය කළ කිසිඳු වැඩසටහනකට සහභාගිවී නැති බවයි.එමෙන්ම එකී කාලය තුළදී ජාතික සංගමයේ මහ සභා හා විධායක කමිටු රැස්වීම් සදහා (වාර තුනක්) සහභාගි වීමට අපොහොසත් වීමෙන්ද හා එකී කාලයට අදාළව එහි වාර්ෂික සාමාජික ගාස්තු ගෙවීමට කටයුතු නොකිරීමෙන්ද ක්‍රීඩා පනතේ 2025 මැයි 21වැනිදා සංශෝධිත රෙගුලාසි හා ජාතික සංගමයේ ව්‍යවස්ථාව එකී සංගම් විසින් උල්ලංඝණය කර ඇති බැවින්ද ඔවුන්ට නිලවරණයේදී ඡන්ද බලය ලබාදීමට විරුද්ධ වන බව අදාළ විරෝධතාවයෙන් වැඩිදුරටත් අවධාරණය කර තිබුණි.
කෙසේවූවත් ඉහත මතභේදාත්මක අනු සංගම් හා ක්‍රීඩා සමාජ විසින් ක්‍රීඩා අමාත්‍යාංශයේ අභියාචනා උපදේශක කමිටුවට ඉදිරිපත් අභියාචනා පිළිගැනීමට ලක්වීමෙන් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රීඩා පනතට මෑතදී එක් කළ ක්‍රීඩා රෙගුලාසී සංශෝධනය ක්‍රීඩා අමාත්‍යාංශය විසින්ම උල්ලංඝණය කිරීමේ තත්වයක් උද්ගතව ඇතැයි ජිම්නාස්ටික් සංගමයේ හිටපු ලේකම්වරයා වැඩි දුරටත් අවධාරණය කරයි.
ඒ අතර ජිම්නාස්ටික් නිලවරණය සදහා වන නිලවරණ කමිටුව පත් කිරීම පසුගිය ජනවාරි 8 වැනිදා සිදු කෙරුණත් ඊට දිනකට පෙර ජනවාරි 7 වැනිදා එම නිලවරණ කමිටුව ආමන්ත්‍රණය කරමින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලිපි නිකුත් කිරීම කේෂ්ත්‍රයේ විමතියට ලක් වූ බවද වාර්තාවේ.
මේ අතර විරෝධතාවට ලක්වූ කළුතර දිස්ත්‍රික් ජිම්නාස්ටික් සංගමය වසර 15 ක කාලයක් තිස්සේ අක්‍රියව තිබියදී ජාතික සංගමයේ අධීක්ෂණයෙන් තොරව එය යළි ස්ථාපිත කර ඇතැයිද හිටපු ලේකම්වරයා චෝදනා කර තිබුණි.
ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ මීළග (2026 -28) නිලවරණයට මෙතෙක් දින නියමවී නැති අතරම නාමයෝජනා කැදවීමද මෙතෙක් ප්‍රකාශයට පත් කර නැත. කෙසේවූවත් නිලවරණයට සහභාගි කර ගැනීමේදී සැලකිල්ලට ගන්නා වූ අනු සංගම්ල දිස්ත්‍රික් සංගම් හා ක්‍රීඩා සමාජ 29 ක ලේඛනයක් නිලවරණ කමිටුව මීට ඉහතදී ප්‍රකාශයට පත් කර තිබුණි.
ත්‍රී පුද්ගල නිලවරණ කමිටුවේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික මහාධ්කරණ විනිසුරු ඩී.ඒ. රුවන් පතිරණ මහතා කටයුතු කරයි.
වාර්තා වන පරිදි ජිම්නාස්ටික් සංගමයේ හිටපු සභාපතිවරුන් දෙදෙනකු වන ෙජ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කමල් පෙරේරා හා කෝකිල ඉමේෂ් යන මහත්වරු පාර්ශව දෙකක් නියෝජනය කරමින් මෙවර සභාපති ධූරය සදහා නාමයෝජනා බාරදීමට සූදානමින් සිටියි.
හිටපු සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොළුවත්ත මහතා මෙවර නිලවරණයට ඉදිරිපත් නොවේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.