කළුතර සිරිකුරුස විදුහල සහ පානදුර ශාන්ත ජෝන් විදුහල අතර කළුතරදී පැවැති අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 2 ක ජයක් අත්කර ගැනීමට සිරිකුරුස විදුහල සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 117 ක ඉලක්කයක් හඹාගිය සිරිකුරුස විදුහල ඕවර 35.1 ක් අවසානයේ කඩුලූ 8 ක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.
මෙහිදී දිනෙත් ගයාෂාන් සහ මාර්ක් දීපන කඩුලූ 4 බැගින් දවාගනිමින් සිරිකුරුස විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත් වූහ.
ශාන්ත ජෝන් විදුහල - ඕවර 36 කදී කඩුලූ 9 ක් දැවී 116
(වත්සල විත්මල් 34, ජයශාන්ත පෙරේරා 28, සංජුල මධුමාල් 19, දිනෙත් ගයාෂාන් 14/4, මාර්ක් දීපන 22/4)
සිරිකුරුස විදුහල - ඕවර 35.1 කදී කඩුලූ 8 ක් දැවී 118
(සචින් දිල්හාර 20, සසංක නිර්මාල් 19, විහඟ ඉඳුෂාන් නොදැවී 17, පංකජ කෞෂාන් 17, තමිඳු නිවර්ථන 16/2, ජයසංක පෙරේරා 20/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.