Last Update  :  2025-05-14 14:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සෙරන්ඩිබ් කුසලාන තරගාවලියට ඩයලොග් අනුග‍්‍රහය

සෙරන්ඩිබ් කුසලාන තරගාවලියට ඩයලොග් අනුග‍්‍රහය

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන පළමු ලෝක ශ්‍රේණිගත කිරීමේ රග්බි තරගාවලිය වන ‘සෙරන්ඩිබ්’ කුසලාන තුන්කොන් රග්බි තරගාවලියට අනුග‍්‍රහය දැක්වීමට ඩයලොග් සමාගම ඉදිරිපත්ව සිටියි. සත්කාරක ශ්‍රී ලංකාව, මැඩගස්කරය සහ පෝලන්තය සහභාගි වන මෙම තරගාවලිය ‘ඩයලොග් සෙරන්ඩිබ්’ කුසලාන ලෙස නම් කර තිබේ.

කණ්ඩායමකට ක‍්‍රීඩකයන් 15 දෙනා බැගින් වන මෙම තරගාවලිය මේ මස මස 26 වැනිදා සිට නොවැම්බර් මස 1 වැනිදා දක්වා නවීකරණය කළ කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී පැවැත්වේ. අනුග‍්‍රහය නිල වශයෙන් පිරිනැමීම ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ හැව්ලොක්ස් ක‍්‍රීඩා සමාජ ශාලාවේදී ඊයේ (17) පැවැත්විණි.

මෙම තරගාවලියට සහභාගි වන යුරෝපා කණ්ඩායම වන පෝලන්තය ලෝක රග්බි ශ්‍රේණිගත කිරීමේ 28 වැනි ස්ථානයේ ද, අප‍්‍රිකාවට අයත් මැඩගස්කරය ලෝක රග්බි ශ්‍රේණිගත කිරිමේ 44 වැනි ස්ථානයේ ද, පසු වෙයි.

ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීමේ 39 වැනි ස්ථානයේ පසුවෙයි. මෙම තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස නාමල් රාජපක්‍ෂ නම් කර තිබේ. 

තරගාවලියේ පළමු තරගය මැඩගස්කරය සහ ශ්‍රී ලංකාව අතර මේ මස 26 වැනිදා පස්වරු 5.30 ට ආරම්භ වීමට නියමිතය. දෙවැනි තරගය මැඩගස්කරය සහ පෝලන්තය අතර මේ මස 29 වැනිදා පස්වරු 5.30 සිට පැවැත්වේ. අවසන් තරග ශ්‍රී ලංකාව සහ පෝලන්තය අතර නොවැම්බර් මස 1 වැනිදා පස්වරු 7.30 ට ආරම්භ වේ.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා රග්බි සංගමයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඇලිස්ටියාර් සවෙරිමුත්තු මහතා පැවසුවේ මෙම තරගාවලිය ශ්‍රී ලංකා රග්බි ක‍්‍රීඩාව ඉදිරියට ගෙන යෑමේ වසර තුනක සැලැස්මේ එක පියවරක් බවයි.
 

 


අදහස් (0)

සෙරන්ඩිබ් කුසලාන තරගාවලියට ඩයලොග් අනුග‍්‍රහය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.