Last Update  :  2026-03-15 19:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සෙබස්තියන් පිලට කඩුලු 8 ක ජයක්
41 වැනි වාර්ෂික එක්දින තරගය

සෙබස්තියන් පිලට කඩුලු 8 ක ජයක්

editorial - 2026 මාර් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී  සෙනසුරාදා (14 වැනිදා) පැවැති වාර්ෂික සීමිත ඕවර තරගයේදී වේල්ස් කුමර විදුහල පරදවා කඩුලු 8 ක පහසු ජයක් අත්කර ගැනීමට ශාන්ත සෙබස්තියන් ක්‍රීඩකයෝ සමත් වූහ. මෙම එක්දින තරගය, විද්‍යාල දෙක අතර පැවැති 41 වැනි වාර්ෂික එක්දින තරගයයි. 

තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් වේල්ස් කුමර විදුහල් කණ්ඩායම ඕවර 24.5 කදී ලකුණු 116 කට දැවී ගියේය. ඔෂේන් ද සිල්වා (44) සෙබස්තියන් පන්දු යවන්නන්ට තරමක හිසරදයක් වූවත් අදේෂ් ද අල්මේදා,, මලින්ත සිල්වා සහ අදීෂ ලක්ෂාන් එකතුව වේල්ස් කුමර ඉනිම සම්පූර්ණයෙන්ම පාහේ තමන්ගේ අණසකට නතුකර ගත්හ. 

වේල්ස් කුමර ඉනිමෙන් පසුව ඇතිවූ වර්ෂාව හේතුවෙන් සෙබස්තියන් පිලේ ඉලක්කය ඕවර 46 කදී ලකුණු 111 ක් ලෙසින් සංශෝධනය කරන ලදි. ඉලක්කය පහසු වූවත්, ඕනෑවට වඩා කලබල වීමට නොගිය සෙබස්තියන් පිතිකරුවෝ, ඕවර 30.5 කදී කඩුලු 2 ක් පමණක් දැවී ලකුණු 112 ක් ලබාගනිමින් කඩුලු 8 කින් තරගය ජයගත්හ. 


වේල්ස් කුමර විදුහල - ඕවර 24.5 කදී සියලු දෙනා දැවී 116 යි
(ඔෂාන් සිල්වා 44, පසන් කුරේ 21, මතීෂ අපෝන්සු 16, අදේශ් අල්මේදා 38/4, මලින්ත සිල්වා 24/3, අදීශ ලක්ෂාන් 24/2)

ශාන්ත සෙබස්තියන් විදුහල - ඕවර 30.5 කදී කඩුලු 2 ක් දැවී 112 යි
(මෙෂෝන් ප්‍රනාන්දු 47, කවීෂ පෙරේරා 40, අදේශ් අල්මේදා නොදැවී 23)


අදහස් (0)

සෙබස්තියන් පිලට කඩුලු 8 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.