අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ වතුගෙදර ශ්‍රීපති මහ විදුහල සහ හික්කඩුව ශ්‍රී සුමංගල මැදි විදුහල අතර සුමංගල මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් කඩුලු 3 ක ජයක් අත්කර ගැනීමට සුමංගල මැදි විදුහල සමත් විය.
එහිදී සුමංගල මැදි විදුහලේ ප්‍රවීන් මනුප්‍රිය (නොදැවී 72) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම රසාංග තේජාන් ලකුණු 32 කට කඩුලු 3 ක් බිඳහෙළීය.
ශ්‍රීපති මහ විදුහල - ඕවර 44.2 කදී සියලු දෙනා දැවී 143
(පහන් ඉසුරංග 30, කබීත් තිමෝත් 27, රසාංග තේජාන් 32/3, විනෝද් දනුෂ්ක 16/2, තරූ ගෞතම් 13/2)
සුමංගල මැදි විදුහල - ඕවර 21.1 කදී කඩුලු 7 ක් දැවී 144
(ප්‍රවීන් මනුප්‍රිය නොදැවී 72, යසස් චාමිංග 16/2, මල්ක දිල්ෂාන් 29/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.