
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ (2025-26) රග්බි ලීගයේ මූලික වටයේ අවසන් සතියේ තරගයක් ලෙස සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදාව අතර ඊයේ (24 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 31-29 ක තියුණු ජයක් වාර්තා කිරීමට සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත් විය. මෙවර තරගාවලියේදී සී.එච්. කණ්ඩායම ලැබූ හයවැනි ජය මෙය විය.
ලොන්ඩන් පෙදෙස සී.ආර්. ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට සී.එච්. ක්‍රීඩකයෝ ලකුණු 17-03 ක් ලෙස ඉදිරියෙන් සිටියහ. එහිදී සී.එච්. ක්‍රීඩකයන් ගෝල දිනුම් 2 ක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබාගත් අතර ගුවන් හමුදා ක්‍රීඩකයන් ලකුණු ලබාගත්තේ දඬුවම් පහරක් මගිනි.
දෙවැනි අර්ධයේදී සී.එච්. ක්‍රීඩකයන්, ගෝල දිනුම් 2 ක් මගින් සිය ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 14 ක් එක්කර ගනිද්දී, ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක නිරත වූ ගුවන් හමුදා ක්‍රීඩකයෝ ගෝල දිනුම් 3 ක් සහ උත්සාහක දිනුමක් මගින් ලකුණු 26 ක් රැස්කිරීමට සමත් වූහ. එහෙත් පළමු අර්ධය අවසානයේ පැවැති ලකුණු පරතරය අනුව තරගයේ සී.එච්. කණ්ඩායමට මෙම තරගයෙන් ලකුණු 31-29 ක ජයක් හිමිවිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.