Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සී.අයි.එම්.එස්.එල්. පිලට ලකුණු 151 ජයක්

සී.අයි.එම්.එස්.එල්. පිලට ලකුණු 151 ජයක්

රොෂාන් ගුණරත්න - 2018 ජුනි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රෙඞ්බුල් ආයතනය සංවිධානය කරන විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතා තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා පැවැත්වෙන පිළුමලුන් පිටුදැකීමේ තරගාවලියේ අද (19 වැනිදා) පැවැති තරගයකදී ඇමරිකානූ අධ්‍යාපන මධ්‍යස්ථාන පිලට එරෙහිව ලකුණු 151 ක ජයක් හිමිකර ගැනීමට අලෙවිකරණය පිළිබඳ ශ්‍රී ලංකා වරලත් ආයතන කණ්ඩායම (සී.අයි.එම්.එස්.එල්.) සමත්විය. මෙම තරගය බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

නිපුන් හග්ගල්ල (78) සහ තනුල ජයශාන්ත (නොදැවී 54) අර්ධ ශතක රැස්කරමින් අලෙවිකරණය පිළිබඳ ශ්‍රී ලංකා වරලත් ආයතන කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූහ.

සී.අයි.එම්.එස්.එල්. - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 212
(නිපුන් හග්ගල්ල 78, තනුල ජයශාන්ත නොදැවී 54, තරිඳු ලංකාතිලක 25, මාරියෝ පෙරේරා 21/3)

ඇමරිකානූ අධ්‍යාපන මධ්‍යස්ථානය - ඕවර 13.4 කදී සියලුදෙනා දැවී ලකුණු 61
(ෆනාස් නවාස් 14/3, කසුන් හර්ෂණ 13/2)


අදහස් (0)

සී.අයි.එම්.එස්.එල්. පිලට ලකුණු 151 ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.