(ෂේන් සෙනෙවිරත්න)
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවති ශාන්ත සිල්වෙස්තර විදුහලත් විද්‍යාර්ථ විදුහලක් අතර 63 වැනි මහා ක්‍රිකට් තරගය සෙනසුරාදා ජය පැරදුමෙන් තොරව නිමා විය .
කාසියේ වාසිය දිනු විද්‍යාර්ථ විදුහල පළමුවෙන් පන්දුවට පහරදීමට සිල්වෙස්තර විදුහලට ආරාධනා කළ අතර ඔවුන්ගේ පළමුඉනිම ලකුණු 94 කට සීමා කිරීමට විද්‍යාර්ථ පන්දු යවන්නෝ සමත් වූහ. විද්‍යාර්ථ විදුහල වෙනුවෙන් අනුජ රත්නායක (13/5) දක්ෂ පන්දු යැවීමක නිරත විය .
විද්‍යාර්ථ විදුහල පළමු ඉනිමේදීසියලු දෙනා දැවීලකුණු199ක් රැස්කොට ජයග්‍රාහි මානසිකත්වයකින් යුතුව ප්‍රතිවාදීන්ට පන්දුයැවීමට පිටියට පැමිණියත් මලිත් ලක්ශාන් (49) සහ කන්ක වික්‍රමසිංහ(63) ක්‍රීඩකයන්ගේ දක්ෂ පිතිකරණය හමුවේ ඔවුන්ගේ එම ජයග්‍රාහී සිහිනය පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ බොඳවී ගියේය .
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.