Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සැහැල්ලූ පන්දු ක‍්‍රිකට් මැයි 7 - 8

සැහැල්ලූ පන්දු ක‍්‍රිකට් මැයි 7 - 8

ශනුක අරවින්ද - 2016 මැයි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විෂන් ක‍්‍රීඩා සමාජය 8 වැනි වරටත් සංවිධානය කරන ‘ඇමැති රංජිත් සියඹලාපිටිය අභියෝග කුසලාන’ සය සාමාජික සැහැල්ලූ පන්දු ක‍්‍රිකට් තරගාවලිය මැයි මස 7 සහ 8 දෙදින රඹුක්කන අශෝක කරුණාරත්න ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට අභියෝග කුසලානය සමග රුපියල් 80,000 ක්ද, අනුශූරතාව දිනාගන්නා කණ්ඩායමට අනුශූරතා කුසලානයක් සමග රුපියල් 40,000 ක්ද පිරිනැමේ.

තරගාවලියේ වීරයා, අවසන් තරගයේ වීරයා, දක්ෂතම පිතිකරුවා, දක්ෂතම පන්දු යවන්නා, දක්ෂතම පන්දු රකින්නාට මෙන්ම තරගාවලියේ වැඩිම හයේ පහර ගහන ක‍්‍රීඩකයාටද මුදල් ත්‍යාග සහ කුසලාන පිරිනමන බව සංවිධායකවරු පවසති.

අවසන් මහ තරගය මැයි මස 14 වැනිදා පස්වරු 4.00 ට විදුලිබල හා බලශක්ති පුනර්ජනීය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

අයැදුම්පත් බාර ගැනීම මැයි මස 5 වැනිදා අවසන් වන අතර මෙහිි වැඩි විස්තර 0722-715844 හෝ 0719-552145 යන දුරකතන අංක ඇමැතීමෙන් ලබාගත හැකිය.

 

-090


අදහස් (0)

සැහැල්ලූ පන්දු ක‍්‍රිකට් මැයි 7 - 8

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.