
(නාමල් පතිරගේ)
සාම්ප්‍රදායික කරාටේ යනු ජය පැරදුමෙන් ඔබ්බට ගිය හුදු කරාටේ ක්‍රීඩා ඉසව්වක් හෝ සටන් ශෛලීයක් පමණක් නොවන පුද්ගලයෙකුගේ මානසික පැවැත්ම හා විනය හුරු කර වන මෙවලමක් ලෙස විග්‍රහ කළ හැකි බව ලෝක සාම්ප්‍රදායික කරාටේ සම්මේලනයේ සභාපති හා එහි තාක්ෂණික කමිටුවේ සභාපති කැනේඩියානු ජාතික රිචඩ් ජොජෙන්සන් මහතා කොළඹ පාපන්දු නිවසේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී පැවැසීය.
මෙරටදී ශ්‍රී ලංකා සාම්ප්‍රදායික කරාටේ සම්මේලනය විසින් සංවිධානය කළ සාම්ප්‍රදායික කරාටේ තෙදින පුහුණු වැඩමුළු මාලාව මෙහෙයවීම සදහා දිවයිනට පැමිණි ඔහු එය අවසන් කරමින් පැවැති මාධ්‍ය හමුවකදී එසේ අදහස් දැක්වීය.
ශ්‍රී ලංකාවේදී පැවැති මෙම සාම්ප්‍රදායික කරාටේ පුහුණු වැඩ මුළු මාලාවට සහය දැක්වීමට ජපානයේ සාම්ප්‍රදායික කරාටේ සම්මේලනයේ සභාපති ජෝන් ට්‍රයි කැටෝකා මහතාද දිවයිනට පැමිණියේය.
කොළඹ ටොරින්ටන් පෙදෙසේ ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ථ පිටියේදී පැවැති මෙම වැඩ මුළු මාලාව මෙරට සාම්ප්‍රදායික කරාටේ සම්මේලනයේ සභාපති, මහබාගේ පොලිස් ස්ථානාධිපති අමිල බන්ඩාර, එහි ප්‍රධාන උපදේශක ඩබ්.ජේ.බී.දේදුණුපිටිය යන මහත්වරුන් ඇතුළු එහි නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණි.
මාධ්‍ය හමුවට එක්වූ රිචඩ් ජොජෙන්සන් මහතා පැවැසුවේ ශ්‍රී ලංකාව මේ මොහොත දුෂ්කරතාවයට පත්ව සිටින අවස්ථාවක් වූවත් එහි සංචාරයකට සහභාගි වීමට හැකිවීම ගැන තමා සතුටට පත් වන බවයි.
‘‘එහිදී ඔහු මෙසේද පැවැසීය. 1974 දී ජපානයෙන් බිහි වුණු සාම්ප්‍රදායික කරාටේ ක්‍රීඩාව ඒ ලෙසින්ම අදටත් පවත්වා ගෙන යාමට ලෝක සම්මේලනය උනන්දුවී සිටිනවා.
අද රටවල් 67 ක් ලෝක සම්මේලනයේ සාමාජිකත්වය දරනවා. ලෝකය පුරා අද වන විට කරාටේ ක්‍රීඩාවක් ලෙස ඉසව් ගණනාවක් බිහිවී තිබෙනවා. ඒ සෑම ඉසව්වකම අරමුණ ජය පරාජය මත රැඳී තිබෙනවා. එහෙත් සම්ප්‍රදායික කරාටේ ක්‍රීඩාව ඒ අරමුණට නොගොස් පුද්ගලයකුගේ පෞරෂත්වය ගොඩ නැගීම සදහා මානසික සුවය, හික්මවීම, විනයට ප්‍රමුඛතාව ලබාදී තිබෙනවා අද කරාටේ ක්‍රීඩාවක් ලෙස විවිධ කාන්ඩ වලට බෙදිඋ තිබුණත් එහි මුල් ගුරු කුලය සාම්ප්‍රදායික කරාටේ ක්‍රීඩාව ලෙස හදුන් වන්න පුළුවන්.”
ශ්‍රී ලංකා සාම්ප්‍රදායික කරාටේ සම්මේලනයේ ප්‍රධාන උපදේශක හා අධ්‍යක්ෂ ජී.ජේ.දේදුණුපිටිය මහතා මාධ්‍ය හමුව අමතමින් පැවැසුවේ සිය සම්මේලනය සාම්ප්‍රදායික කරාටේ ක්‍රීඩාව මෙරට පවත්වා ගෙන යාමේ නිත්‍යානුකූල බලය හිමි එකම සංවිධානය ලෙස සිය අරමුණු හා අභිලාෂයන් කරා ගමන් කරමින් සිටින බවයි.
මෙම මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා සාම්ප්‍රදායික කරාටේ සම්මේලනයේ උපදේශක මේජර් ජනරාල් මංජුල කාරියවසම්, එහි භාණ්ඩාගාරික රෝහණ දිසානායක, ජේය්‍යෂ්ඨ සාමාජික ඩී.ජී.යසරත්න යන මහත්වරුන් හා කොළඹ මහ නගර සභාවේ සහකාර නාගරික කොමසාරිස් නදීකා දමයන්ති යන මහත්මිය අදහස් දැක්වූහ.
ඊයේ දිවයිනෙන් පිටත්ව යාමට පෙර ජොජෙන්සන් මහතා ක්‍රීඩා අමාත්‍යංශයේදී ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා මුණගැසුණි. ඇමැරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර මූලස්ථානය කර ගනිමින් ජාත්‍යන්තර සාම්ප්‍රදායික කරාටේ සම්මේලනය ක්‍රියාත්මක වේ.ශ්‍රී ලංකාවේ 44 වැනි නිල ක්‍රීඩා ඉසව්ව ලෙස සාම්ප්‍රදායික කරාටේ ක්‍රීඩාව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි කර තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.