Last Update  :  2025-07-12 11:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සාන්ත තෝමසුවෝ ඉසිපතනයට තලති

සාන්ත තෝමසුවෝ ඉසිපතනයට තලති

editorial - 2025 ජුලි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සතිය යටතේ සෙනසුරාදා (5 වැනිදා) පැවැති මූලික වටයේ තරගයකදී කොළඹ ඉසිපතන විදුහලට එරෙහිව ලකුණු 36-24 ක ජයක් වාර්තා කිරීමට ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සමත් විය. 

මෙම ජයත් සමග ඉසිපතන විදුහලේ අපරාජිත බව බිඳදැමීමටද සාන්ත තෝමසුවෝ සමත් වූහ. එමෙන්ම එහිදී ලැබූ ජයග්‍රහණය හේතුවෙන් තවදුරටත් මෙම තරගාවලිය තුළ සිය අපරාජිත බව රැකගැනීමටද සාන්ත තෝමස් විදුහලට හැකි විය. 

ගල්කිස්ස සාන්ත තෝමස් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 21-14 ක් ලෙස සාන්ත තෝමසුවෝ පෙරමුණ ගත්හ. එහිදී ගෝල දිනුම් 3 ක් මගින් සාන්ත තෝමසුවන් ලකුණු ලබාගත් අතර ඉසිපතන විදුහල ලකුණු ලබාගත්තේ ගෝල දිනුම් 2 ක් මගිනි. 

දෙවැනි අර්ධයේදී ගෝල දිනුමක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් සිය කණ්ඩායමට තවත් ලකුණු 15 ක් එක්කර ගැනීමට සාන්ත තෝමසුවන් සමත් වෙද්දී, ඉසිපතන ක්‍රීඩකයන්ට ගෝල දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 10 ක් පමණි. 


අදහස් (0)

සාන්ත තෝමසුවෝ ඉසිපතනයට තලති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.