කඩුවෙල, කොතලාවල, විහාර මාවත එකමුතු තරුණ සංවිධානය 5 වැනි වරටත් සංවිධානය කරන විවෘත ස්ටෑන්ඩඞ් පාපැදි තරගය මේ මස 10 වැනිදා කොතලාවල විහාර මාවතේදී ආරම්භ කෙරේ.
එදින පෙරවරු 8.00 ට කොතලාවල විහාර මාවත මංසන්දියෙන් ආරම්භ වන පාපැදි තරගය පිට්ටුගල, මාලබේ, අරංගල, අතුරුගිරිය, පනාගොඩ, ලේලන්ඞ් හංදිය, ඇඹුල්ගම හංදිය, රණාල, නවගමුව, වෙලේ හංදිය, පසුකරමින් නැවතත් කඩුවෙල, කොතලාවල විහාර මාවත මංසන්දිය දක්වා පැමිණෙන මාර්ගය ඔස්සේ වට 4 කින් සමන්විත වේ. එහි මුලු දුර කිලෝ මීටර 124 කි.
තරගයේ ප්‍රථම ස්ථානය දිනාගන්නා ක්‍රීඩකයාට රුපියල් 50,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමෙන අතර දෙවැනි ස්ථානය සඳහා රුපියල් 30,000 ක මුදල් ත්‍යාගයක්ද, තෙවැනි ස්ථානය සඳහා රුපියල් 20,000 ක මුදල් ත්‍යාගයක්ද පිරිනැමීමට සිංවිධායකයෝ සූදානමින් සිටිති.
තවද සිව්වැනි සහ පස්වැනි ස්ථාන සඳහා රුපියල් 7500 බැගින්ද, හයවැනි ස්ථානයේ සිට 10 වැනි ස්ථානය දක්වා රුපියල් 5000 බැගින්ද, 11 වැනි ස්ථානයේ සිට 20 වැනි ස්ථානය දක්වා රුපියල් 2000 බැගින්ද මුදල් ත්‍යාග පිරිනැමේ.
තරගය පිළිබඳ වැඩිදුර තොරතුරු 077 3496048 (ප්‍රසාද්) හෝ 077 3951577 (ලලිත්) යන දුරකතන අංක ඇමතීමෙන් දැනගත හැකිය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.