Last Update  :  2026-03-16 17:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ස්ටෑන්ඩඞ් පාපැදි තරගය අනිද්දා මිනුවන්ගොඩදී

ස්ටෑන්ඩඞ් පාපැදි තරගය අනිද්දා මිනුවන්ගොඩදී

Nisanka Sandeepani - 2018 මැයි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මිනුවන්ගොඩ තරුණ කැළ සහ චමින්ද සිල්වා සහයෝගිතා පදනම එක්ව 8 වැනි වරටත් සංවිධානය කරන ‘චමින්ද සිල්වා අභියෝග කුසලාන’ විවෘත ස්ටෑන්ඩඞ් පාපැදි තරගය මේ මස 19 වැනිදා පෙරවරු 9.30 ට මිනුවන්ගොඩ ඇලිස්පාක් ක්‍රීඩාංගණයෙන් ආරම්භ වේ. 

ඇලිස්පාක් ක්‍රීඩාංගණයෙන් ආරම්භ වන තරගය දිවුලපිටිය, නයිවල, උඩුගම්පල සහ කොටුගොඩ හරහා නැවත මිනුවන්ගොඩට පැමිණීමේ වට තුනකින් සමන්විත වේ. තරගයේ මුලු දුර කිලෝ මීටර් 130 කි. 

තරගයේ පළමු ස්ථානය සඳහා චමින්ද සිල්වා අභියෝග කුසලාන සමග රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගයක් පිරිනැමෙන අතර දෙවැනි ස්ථානය සඳහා රුපියල් හැත්තෑ පන්දහසක්ද, තෙවැනි ස්ථානය සඳහා රුපියල් හැට දහසක්ද පිරිනැමේ. සිවුවැනි ස්ථානයේ සිට 35 වැනි ස්ථානය දක්වාද තවත් මුදල් ත්‍යාග රැසක් පිරිනැමීමට සංවිධායකයෝ සූදානමින් සිටිති. 

තරගය පිළිබඳව 077-6698333 යන දුරකථන අංකය ඔස්සේ මහින්ද මහතා ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකිය. 

-036


අදහස් (0)

ස්ටෑන්ඩඞ් පාපැදි තරගය අනිද්දා මිනුවන්ගොඩදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.