Last Update  :  2025-07-15 19:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ස්ටාර් ස්පෝට්ස් එල්.පී.එල්. විකාශය අයිතිය මිලදී ගනී

ස්ටාර් ස්පෝට්ස් එල්.පී.එල්. විකාශය අයිතිය මිලදී ගනී

editorial - 2023 ජුලි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ මස අගදී ආරම්භ වීමට නියමිත එල්.පී.එල්. තරගාවලියේ රූපවාහිනී විකාශන අයිතිය ලෝකයේ සුප්‍රකට ක්‍රීඩා විකාශන සමාගමක් වන ‘ස්ටාර් ස්පෝට්ස්’ සමාගම විසින් අත්පත් කරගනු ලැබ ඇත. එල්.පී.එල්. තරගාවලි මාලාවේ සිව්වැන්න මේ වසරේදී පැවැත්වෙන අතර ‘ස්ටාර් ස්පෝට්ස්’ සමාගම විසින් එහි විකාශන අයිතිය හිමිකරගත් පළමු අවස්ථාව මෙයයි.

එල්.පී.එල්. තරගාවලිය, ස්ටාර් ස්පෝට්ස් සමාගම විසින් ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, භූතානය, නේපාලය, මාලදිවයින මෙන්ම උතුරු අප්‍රිකානු සහ මැද පෙරදිග රටවලත් විකාශය කිරීමට නියමිතය.

කොළඹ ස්ට්‍රයිකර්ස්, දඹුල්ල අවුරා, ගාල්ල ටයිටන්ස්, යාපනය කිංග්ස් සහ මහනුවර බී-ලව් යන කණ්ඩායම් මෙවර එල්.පී.එල්. තරගාවලියේදී තරග වදිති.


- 213


අදහස් (0)

ස්ටාර් ස්පෝට්ස් එල්.පී.එල්. විකාශය අයිතිය මිලදී ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.