‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් වයස 19 න් පහළ කි‍්‍රකට් තරගාවලියේ කොළඹ සහිරා විදුහල සහ දෙහිවල එස්. ද. එස්. ජයසිංහ මැදි විදුහල අතර පැවැති තරගයෙන් ඉනිමක සහ ලකුණු 3 ක ජයක් වාර්තා කිරීමට සහිරා විදුහල සමත්විය.
තරගය ඊයේ සහ අද (26-27) මරදානේදී පැවැත්විණ. මෙය සහිරා විදුහල මෙම තරග වාරයේදී ලද දෙවැනි පූර්ණ ජයග‍්‍රහණයයි. පළමුවෙන් පන්දුවට පහරදුන් සහිරා විදුහල වෙනුවෙන් ෂෙහාන් වීරසිංහ ලකුණු 95 ක් රැස්කිරීමට සමත්විය.
සල්මාන් ෆසීල් එස්. ද. එස්. ජයසිංහ විදුහලේ ඉනිම් දෙකේදීම කඩුලූ 3 බැගින් දවාලමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
සහිරා විදුහල පළමු ඉනිම - ඕවර 77.1 කදී කඩුලූ 9 කට 326
(ෂෙහාන් වීරසිංහ 95, දිලීප සමරසේකර 47, මොහොමඞ් ඉන්සාෆ් 40, සල්මාන් ෆසීල් 34, නිෂ්කි අහමඞ් 21, සජිත් සමීර 86/2, ඉෂාර කුරුවිට 100/2)
එස්. ද. එස්. ජයසිංහ විදුහල පළමු ඉනිම - ඕවර 54.5 කදී සියලූ දෙනාම දැවී 220
(සමිඳු අවිශ්ක නොදැවී 83, සජිත් සමීර 58, සමීර ලක්රුවන් 21, සල්මාන් ෆසීල් 28/3, මෙහොමඞ් සහීන් 33/2, රම්සාන් රෆයිඞීන් 58/2, නිෂ්කි අහමඞ් 65/2)
එස්. ද. එස්. ජයසිංහ විදුහල දෙවැනි ඉනිම - ඕවර 39.3 කදී සියලූ දෙනාම දැවී 103
(ඉෂාර දර්ශන 39, සමිඳු අවිශ්ක 24, සජිත් සමීර 14, සල්මාන් ෆසීල් 15/3, මෙහොමඞ් සහීන් 23/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.