Last Update  :  2025-12-26 22:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සරා ශූරයන්ගේ රන් ජුබිලිය 30 වැනිදා

සරා ශූරයන්ගේ රන් ජුබිලිය 30 වැනිදා

Dilrukshi - 2015 මැයි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකාවේ පැරණිතම ක‍්‍රීඩා සමාජයක් වන බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩා සමාජය 1963-x64 තරග වාරයේ එවකට ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධානතම දේශීය ක‍්‍රිකට් තරගාවලිය වන ‘සරා’ ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා වසර 50 සංවත්සරය වෙනුවෙන් සංවිධානය කරන විශේෂ උත්සවය මේ මස 30 වැනිදා පස්වරු 7.00 සිට බ්ලූම්ෆීල්ඩ් ක‍්‍රීඩා සමාජයේදී පැවැත්වේ.

නොයෙල් පෙරේරාගේ නායකත්වයෙන් 1963-x64 තරගාවලියේදී සරා කුසලාන දිනූ බ්ලූම්ෆීල්ඞ් පිලේ සාමාජිකයන් 12 දෙනෙකු මේ වන විට ජීවත්ව සිටින අතර සිවුදෙනකු මියගොස් තිබේ. ඉන් ශ‍්‍රී ලංකාවේ සිටින නව දෙනා මෙම උත්සවයේදී සම්මාන ලබති.

බ්ලූම්ෆීල්ඞ් පිල නියෝජනය කළ අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ තරග තීරක ලෙස කටයුතු කරන රොෂාන් මහානාම, අන්තර්ජාතික ක‍්‍රිකට් සභා විනිසුරු මඩුල්ල නියෝජනය කරන කුමාර ධර්මසේන සහ අන්තර්ජාතික විනිසුරු රුචිර පල්ලියගුරුද මෙහිදී විශේෂයෙන් ඇගයේ.

මෙම උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහභාගි වීමට නියමිතය.
මෙම විශේෂ උත්සවය පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවේදී බ්ලූම්ෆීල්ඩ් ක‍්‍රීඩා සමාජයේ සභාපති ජයන්ත සෙනෙවිරත්න මහතා පැවසුවේ ප‍්‍රවේශපතක් මිලදී ගෙන මෙම විශේෂ අවස්ථාවට සහභාගි වීමේ අවස්ථාව ක‍්‍රිකට් ලෝලීන්ට ලැබෙන බවයි.

”මෙය සැණකෙළියක ස්වරූපයෙන් පැවැත්වෙනවා. ක‍්‍රිකට් ලෝලීන්ට විනෝද වීමට සහ ලෝක පූජිත ක‍්‍රීඩකයන් දැක ගැනීමට හොඳ අවස්ථාවක්” යැයි සෙනෙවිරත්න මහතා වැඩි දුරටත් පැවසීය.

වසර 122 කට ඉතිහාසයකට හිමිකම් කියන බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩා සමාජය මේ දක්වා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවට ටෙස්ට් නායකයන් පස්දෙනකු බිහිකර ඇති අතර ජාතික කණ්ඩායමට දායාද කළ ක‍්‍රීඩකයන් සංඛ්‍යාව 50 කට ආසන්න වේ. ශ‍්‍රී ලංකාව ටෙස්ට් තත්ත්වය ලැබීමට පෙර නායකත්වයේ කටයුතු කළ ධනසිරි වීරසිංහ ද බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩා සමාජයේ ක‍්‍රීඩකයෙකි.

බන්දුල වර්ණපුර, ඞී. එස්. ද සිල්වා, රොෂාන් මහානාම, සනත් ජයසූරිය සහ තිලකරත්න ඩිල්ෂාන්, බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩා සමාජයෙන් පැමිණ ශ‍්‍රී ලංකා ටෙස්ට් පිල මෙහෙයවූවෝ වෙති.

එම ක‍්‍රීඩා සමාජය 1923 වසරේ සිට කැම්බල් පාක්හි රෝද සහිත කරත්තයක පවත්වාගෙන ගොස් ඇති අතර 1971 වසරේ වර්තමාන බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩා සමාජය පිහිටා ඇති කොළඹ 07 ප‍්‍රදේශයේ ස්ථාපිත කර තිබේ.

 


අදහස් (0)

සරා ශූරයන්ගේ රන් ජුබිලිය 30 වැනිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.