වෙළඳ සේවා බැඞ්මින්ටන් සංගමය මගින් 34 වැනි වරටත් සංවිධානය කළ වෙළඳ සේවා කණ්ඩායම් බැඞ්මින්ටන් තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට ලකුණු 245 ක් හිමිකරගත් මැක්ලරන්ස් කණ්ඩායම සමත්විය.
පිරිමි ‘ඒ’ කාණ්ඩයේ අනු ශූරතාව, පිරිමි ‘ඒ’ කාණ්ඩයේ තෙවැනි ස්ථානය, කාන්තා ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව, පිරිමි ‘බී’ කාණ්ඩයේ අනු ශූරතාව, කාන්තා ‘බී’ කාණ්ඩයේ ශූරතාව සහ පිරිමි ‘සී’ කාණ්ඩයේ ශූරතාව දිනාගනිමින් මැක්ලරන්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ සමස්ත ශූරතාවට හිමිකම් කීවේය.
ලකුණු 96 ක් ලබාගත් ජෝන් කීල්ස් කණ්ඩායම එහි අනු ශුරතාව හිමිකරගත් අතර ලකුණු 84 ක් ලබාගත් මාස් හෝල්ඩිංග්ස් කණ්ඩායමට එහි තෙවැනි ස්ථානය හිමිවිය.
කොළඹ වෙළෙඳ සේවා බැඞ්මින්ටන් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා දිවයින පුරා පුද්ගලික සමාගම් සහ ආයතන නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 3000 ක් පමණ සහභාගි වූහ.
පිරිමි ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව දිනාගත් මාස් හෝල්ඩිංග්ස් කණ්ඩායම
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.