Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
අන්තර් පළාත් සමපෝෂ කුසලාන පාසල් මලල ක්‍රීඩා උළෙල අද (11) බස්නාහිර පළාත් තරගාවලියෙන් ඇරඹේ. ඒ සදහා පළාත් හතකින් සිසු සිසුවියෝ 25000 ක් පමණ සහභාගි වන බව තරග සංවිධායකයෝ පවසති.
පාසල් 3000 කින් පමණ එම සිසු පිරිස නියෝජනය වන අතර වයස් කාණ්ඩ රැසකින් බාලක හා බාලිකා මලල ක්‍රීඩා ඉසව් 70 කට වැඩි ගණනක් ඊට ඇතුළත් වේ.
මෙම තරග මාලාවට 11 වැනි වතාවටත් සිලෝන් බිස්කට් ලිමිටඩ් ආයතනය සමපෝෂ සන්නාමය යටතේ අනුග්‍රහය දක්වයි. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ එහි ආහාර නිෂ්පාදන අංශයේ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී මංජුල දහනායක මහතා පැවැසුවේ ඉදිරියේදී උතුරු හා මධ්‍යම යන පළාත් දෙකටද මෙම තරග මාලාව ඉලක්ක කරමින් සමපෝෂ අනුග්‍රාහය ලබාදීමට කටයුතු කරන බවයි.
ඉසව් ජයග්‍රාහකයන්ට හා ශූරතා හා අනුශූරතාලාභී පාසල් වෙත පදක්කම්, කුසලාන හා සහතික පත් ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා) ලුතිනන් කර්නල් ජී.ජී.අනුර අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මාධ්‍ය හමුව පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් (ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා) වන එල්.ඒ.ඩී.ධම්මිකා කුලතුංග (බස්නාහිර). තනුජා විජේකෝන් ( ඌව), ආර්.එම්. ක්‍රිෂාන් දුමින්ද (දකුණු), කේ.කේ.සී.ඩී.පොරෝගම (උතුරු මැද), මොහොමඩ් අක්මාල් (නැගෙනහිර), ජේ.එම්.ඩී.වසන්ත කුමාර (වයඹ),ඩී.ඒ.ඩී.සුමිතා දෙල්ගොඩ (සබරගමුව) යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
තරුෂි Wednesday, 17 September 2025 06:14 PM
හා හොදයි
Reply 0 0
Tharushi Wednesday, 17 September 2025 06:16 PM
මම කැමතියි බැදෙන්න...
Reply 0 0
තරුෂි නෙත්සරාණි Friday, 19 September 2025 07:25 AM
මම කැමති සමපෝෂවලට
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.