ක්‍රීඩකයන්ගේ චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සවි එසවීමේ සම්මේලනයේ සභාපති කපිල පෙරේරා මහතාගෙන් ‘ලංකාදීප’ කළ විමසුමකදී ඔහු එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කළේය.
ජාතික සවි එසවීමේ තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවය සඳහා රන්සිළු ජයතිලකට ආරාධනා නොකිරීම පිළිබඳව කළ විමසීමේදී ඔහු කියා සිටියේ සම්මාන ප්‍රදානෝත්සවයට පැමිණෙන ලෙස තමා රන්සිළුට පමණක් නොව සම්මාන ලාභි ක්‍රීඩකයන් සියලු දෙනා දැනුවත් කළ බවයි.
“හැමෝම වගේ ඒකට ඇවිත් හිටියා. රන්සිළු විතරයි ආවේ නැත්තේ. මං හිතන්නේ එයාට රැකියාව කරන තැනින් නිවාඩු ගන්න බැරි වෙන්න ඇති. ඒකයි එන්න නැතුව ඇත්තේ” යැයිද එහිදී ඔහු පැවසීය.
අතුල විජේවික්‍රමගේ නම ආසියානු තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන්ගේ නම් ලැයිස්තුවට ඇතුළත්වී නොතිබීම සම්බන්ධයෙන් කපිල මහතා මෙසේ පැවසීය.
“අපි තරගාවලියට යැවුවේ විවෘත කාණ්ඩයේ ක්‍රීඩකයන් තුන් දෙනා විතරයි. ප්‍රවීණ තරගකරුවෝ තරගාවලියට සහභාගි වුණේ එයාලගේ සල්ලි වලින්. ඒකට අපේ සම්බන්ධයක් නෑ.”
නිවාඩු ලබාගැනීමට නොහැකි වීම නිසා එස්. කේ. ප්‍රදීප්ට ආසියානු තරගාවලිය අහිමි වීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ සභාපතිවරයා කියා සිටියේ එයද සම්මේලනයේ වරදක් නොවන බවයි.
“අපි මුලින්ම හැදුවේ යුද හමුදා සවි එසවීමේ කණ්ඩායම මේ තරගාවලියට සහභාගි කරවන්න. ඒත් පස්සේ තමා අපි හිතුවේ ජාතික තරගාවලිය තේරීම් තරගාවලියක් විදියට අරගෙන ආසියානු තරගාවලියට වඩාත් හොඳ කණ්ඩායමක් යවන්න.”
“අපි ශ්‍රී ලංකා කණ්ඩායමට තේරුණු හැම යුද හමුදා ක්‍රීඩකයකුටම නිවාඩු ගන්න අවශ්‍ය ලිපි ලබාදුන්නා. ඒත් නිවාඩු ලබාගන්නා බැරි වුණා නම් ඒක එයාලගෙ වරදක් මිසක් අපේ වරදක් නෙමෙයි.” යැයි සභාපතිවරයා කියා සිටියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.